ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්ක 21 කේ වැඩියෙන්ම විකිණී ඇත්තේ සීනි සහ යීස්ට් සුරාබදු දෙපාර්තමේන්තුව කියයි !

0
133

kasippu(4.00 pm ) ඇඳිරි නීතිට ලිහිල්  කළ දිස්ත්‍රික්ක 21 කේ එම කාල සීමාවේ වෙළෙඳසල්වලින් වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ සීනි සහ යීස්ට් බව පොලිසිය සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත අද දෙරණ වෙබ් අඩවිය පවසා සිටි.

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා මෙලෙස සීනි සහ යීස්ට් භාවිත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසු බවද එහි සදහන්ය.
මේ අතර වෙළෙඳසල් මගින් වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ දුඹුරු සීනි බවද හෙළිව තිබේ.. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අප්‍රේල් මස පළමු වැනිදා සිට 28 වැනි දින දක්වා නීති විරෝධී මත්පැන් නිෂ්පාදන සහ මත්ද්‍රව්‍ය වැටලීම් 1022 ක් සිදුකර ඇති බවය.
මුලාශ්‍රය – අද දෙරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here