”ඇපල් රුවන් ඉන්න තැන අපි දැන් දන්නවා”. පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ

0
166

2014.පෙබරවාරි 17 වෙනිදා මීගමුවේ ජුවෙල් ලංකා ආයතනයේ මංකොල්ලයේ ප්‍රධානියා වන ඇපල් රුවන් මංකොල්ලය සිදුකර  මාස 2කක් යනතුරුත් අත්අඩංගුවට ගැනිමට පොලිසිය අසමත්ව ඇත.
මේ පිළිබදව හෙළිවුයේ අද  මීගමුවේ පැවැති ආරක්ෂාව පිළිබදව  විශේෂ රැස්විමකදි ය.ඔහු  පවසා සිටියේ රටින් පැන්නද දැන් ඇපල් රුවන් ගැවසෙන මීටර් 100 ක ප්‍රමාණය දක්වාම ස්ථිර ලෙසින් පොලිසිය දන්නා බවය.
එමෙන්ම ඔහු සදහන් කළේ මේ පිළිබදව රටවල් 168 කට වඩා ප්‍රමාණයකට  දැනුම් දි ඇති බවත් සොරකම් කළ මුදල් ලංකාවේ කොහේ තබා ඇතැයි තමා විශ්වාස කරන බවත්ය.මේ සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන්නට යෙදුන අනෙක් තොරතුරු වලට අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා විසින් මීට මාස 2 කකට ඉහතදි කරන ලද ප්‍රකාශය බොරුවක් බව සනාථ විය.
එනම් කොල්ල කන ලද මුදලින් යම් ප්‍රමාණයක් සොයා ගෙන තිබුනද එය කොල්ල කන ලද මුදලට සාපේක්ෂකව එතරම් විශාල නොවන බවය අද පොලිස් අධිකාරි ජයන්ත ලියන්ගේ මහතා පැවසිමත් සමගය.පොලිස් මාධ්‍ය ප්‍රකාශයා පවසා සිටියේ කොල්ල කන මුදලින් අඩක් දැනටමත් සොයාගැනිමට පොලිසිය සමත් වු බවය.
මාධ්‍ය ප්‍රකාශකගේ ඒ ප්‍රකාශයට අනුව නම් අවම තරමින් ලක්ෂ 75 කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් පොලිසිය විසින් සොයාගෙන තිබිය යුතුය,එහෙත් එය එසේ නොවේ.
මෙහිදි නැවතත් මතුවන ප්‍රශ්ණය වන්නේ පොලිසිය විසින් කියන මංකොල්ල කන ලද මුදලින් කොටසක් සොයාගෙන ඇත්තේ කොහෙන්ද? මේ ගැන පොලිසිය කිසිවක් නොකියයි.
එසේනම් පොලිසිය මේ සදහන් කරන්නේ රොයිස් විජිත මහතාගේ මෝටර් රථයේ තිබි අරගත් රුපියල් ලක්ෂ දෙකකටත් අඩු මැතිවරණ ප්‍රචාරක වැඩ සදහා තිබුණ මුදල ගැනද???????SP

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here