ඇමති ඉන්දිකගේ මිගමු මහජන කාර්යාලයට මුල් ගල තැබේ

0
221

මිගමුවේ ජනතාවට රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධව හමුවිම වැඩිඉඩක් ලබාදිම සදහා මහජන සම්බන්ධිකරණ කාර්යාලය මිගමුවේදි ඉදිකිරිම සදහා ඊයේ දිනයේදි මුල්ගල තබා තිබුණි.
දේශපාලකයන් විසින් මැතිවරණය සමයන් තුලදි අලුයම පවා ජනතාව හමුවිමට සුදානම් බව පෙන්වමින් තැන තැන කාර්යාල විවෘත කරමින් කටයුතු කරමින් තිබුණද මැතිවරණය අවසන්ව අදාල දේශපාලකයන් පාර්ලිමේන්තු ගිය පසු ඒ බොහෝ දෙනෙකුට සිය ආධාරකරුවන් අමතකව යාම සාමාන්‍ය තත්වයකි.

මේ බව දිනෙන් දින පැහැදිලි වෙමින් ඇති පසුබිමක මැතිවරණයක් නොතිබියදි මිගමුවේදි ඒ ජනයා හමුවිමට ඉඩපහසුව සලසා දිමට ඇමති ඉන්දික ගෙන ඇති මේ පියවර මිගමුවේ දේශපාලනඥයන් කිපදෙනෙකුගේ මෙන්ම ජනතාවගේද ප්‍රසාදයට ලක්ව ඇති බව වාර්තාවේ.