ඇමති ජෝන් නිසා ඉල්ලා අස්වු රෝස් යළිත් වැඩට බසී ?

0
80

Rose F 1Rose meetingගුවන්තොටුපළේ කුළි රථ රියදුරන්ගේ නිත්‍යාණුකූල අයිතින් වලට එරෙහිව යමින් දේශපාලන හිතුවන් පිරිසක් කුලි රථ සේවාවට අතුළු කර ගැනිමට සංවාරක අමාත්‍ය ජොන් අමරතුංග මහතා බලපෑම් කිරිමත් ඊට එරෙහිව දැඩි  තිරණයකට එළඹි කටාන එජාප සංවිධායිකා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දු මෙනවිය සිය පක්ෂ නායක්තවය දන්වා සිටියේ මේ අකටයුතු කම් ගැන සොයා බලා සාධාරණය ඉටුකරන තෙක් තමන් පක්ෂයේ සියළු තනතුරු වලින් ඉල්ලා අස්වන බවය.asoak mp 2Asoka a mpAsoak A 1
මෙම තීරණයත් සමගින් මතුව ගැටළු සහ එහි වත්මන් තත්වය ගැන කරුණු පැහැදිලි කිරිම සදහා විශේෂ ජනහමවුක් 2017 අප්‍රේල් 23 වනදා සවස්වරුවේ කටාන දෙමහන්හංදියේ පිහිටි රෝස් ප්‍රනාන්දු මෙනවියගේ කාර්යාලයේදි පැවැත්විණි.Wejepala mp
එහිදි සිය පාක්ෂික ක්‍රියාකාරින් අමතමින් කියා සිටියේ අකටයුතු කම්වටල එරෙහිව සිය ජනතාවගේ අයිතිවාසිකම් රැකිම සදහා ඇය මේ පියවර ගත් බවත් පක්ෂ නායකත්වයේ දැනුම් ම මත යළිත් සිය ධුරයන්ගේ වැඩකටයුතු භාරගෙන ඉදිරියට ඇති සියළු අභියෝගයන්ට සිය ජනතාව හා එක්ව කටයුතු කරන බවත්ය.
පැවැති අභියෝගාත්මක මොහොතේදි සංවේදි ලෙස සියළු ඇත්ත තත්වයන් මුළු රටට කිම සදහා ජනමාධ්‍ය විසින් ඉටුකරන ලද තීරාණාත්මක මෙහෙය ගැන සිය කථාවේදි ඇය අවධාරණය කර සිටි අතර විශේෂයෙන්ම මිපුර වෙබ් අඩවිය  ගැනද ඇය එහිදි විශේෂ කොට සදහන් කර සිටියාය.Rose mp 3Rose MP 2Rose Mp 1
මෙම ජනහමුව සදහා ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ ,දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආච්චි ඇතුළු ප්‍රාදේශිය සභා සහ පළාත් පාලන හිටපු මන්ත්‍රින් රැසක්ද එක්ව සිටියහ.