ඇමති ජෝන් පසුබසියි !රෝස් සටන් දිනයි !

0
218

rose 2සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ පළාත් සභා මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දු අතර මතුව ඇති ගැටුමට හේතුවි තිබුනේ කටුනායක ගුවන්තොටුපළේ සංවාරක රියදුරන් විසින් නිත්‍යාණුකුලව ලබාගෙන තිබුන ටෙන්ඩරයට ජොන් අමරතුංගු ඇමතිවරයාගේ අධාරකරුවන් 5 දෙනෙකුද ඇතුළු කරන්නට යැයි කරන්නට යෙදුන ඉල්ලිමක් මුල්කොට ගෙනය.
මේ හේතුව නිසා සංවාරක අමාත්‍යංශය විසින් ලබා  දි තිබුණ බලපත්‍රයද ඇමතිවරයාගේ මැදිහත්විම මත අත්හිටුවා තිබුණි.
එයට හේතුව ලෙස දක්වා තිබුනේ සංචාරක රියදුරු සංගමය පිළිබදව පැමිණිලි ලැබි ඇති හෙයින් බවය.
කෙසේ වෙතත් ඊයේ දිනයේ මාධ්‍යවල ප්‍රධාන පුවත් අතරටද එක්ව තිබුණ මේ ගැටුම ගැන මිපුර වෙබ් අඩවිය විසින් මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දුගෙන් විමසා සිටි අවස්ථාවේදි ඇය කියා සිටියේ සංචාරක අමාත්‍යංශය විසින් පසුගිය 17 වෙනිදා අත්හිටුවන ලද බලපත්‍රය 19 වෙනිදා දාතමින් එවන ලද ලිපියක් මගින් කියා ඇත්තේ කලින් සිදුකරන්නට යෙදුන බලපත්‍ර අහෝසි තින්දුව අවලංගු කොට  ඇති බවය.
මේ අනුව සංචාරක රියදුරන් හට දැන් ගුවන්තොටුපල හා ගිවිසුම් අත්සන් කොට රැකියාවේ නිරතවිමට අවසර ලැබෙනු ඇත.