ඇමති ජෝන් යලිත් සරමේ පොට අතට ගනී !

0
623
DB3rn61UAAEHomHජෝන් අමරතුංග යලිත් වරක් සරමේ පොට අතට අරගෙන චන්ඩියාගේ පාට් දාන්න පටන්ගෙන ඇත. මේ කදානේ භක්තිමත් කතෝලිකයාගේ පැටිකිරිය නොදන්නා කෙනෙක් නැත. දැනට මාස කීපයකට පෙර සමාජ ක්‍රීයාකාරකම් වල නිරතුරුව යෙදී සිටින කතෝලික පියතුමෙකුට විරුද්ධව කෑලෑ පත්තරයක් බෙදා හැරීමට මූලීකත්වයදී තිබුනේ මේ භක්තිමත් කතෝලික ඇමතිවරයා බව මුලු රටම දැන්ගත්තේය. මෙදාපාර මොහු චන්ඩි පාට් දාන්නේ මාධ්‍යවේදීයකු බෝපිටිය කදාන ප්‍රදේශයේ කුනු දැමීමේ ප්‍රශ්නය ගැන ඔහුගෙන් ඇසූ කතාවකටය. ඔහුට මල පැන්නේ මන්දැයි ඔහු වටකරගෙන සිටි හෙංචයියන්ට හෝ වටහාගත නොහැකි විය. යහපාලනය රජයේ බොහෝ නායකයෝ අද හැසිරෙන්නේ මේ ආකාරයටය.john A