ඇමති නිමල් ලංසා තනිවෙයි? ?

0
44

මීගමුව දේශපාලනය තුල තිරාණාත්මක සිදුවිම් පෙළක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබේ.ඒ සරත් ලංසා ගැටුම දැන් විවෘත එකක් බවට පත්ව තිබිමයි.
මේ නිසාම වැඩිම පුවත් මේ දිනවල පළකරන්නට සිදුව ඇත්තේ ඒවා පිළිබදවය.
මාධ්‍ය ඔස්සේ ඇමති ලංසාට එරෙහිව පළවු ලිපි වලට ඇමති සරත් ගුණරත්න විසින් ප්‍රතිචාර දක්වමින් තවත් චෝදනා ඉදිරිපත් කර  තිබේ.
එපමණක් නොව පසුගිය දිනක මීගමුව මහනගර සභාවේ පැවැති ශ්‍රි ලනිප ආසන සමුළුවේදිද ඇමති සරත් ගුණරත්න විසින් ලංසාගේ නම නොකියා බරපතල විවේචනයක් කර තිබුණි.
කෙසේ වෙතත් ඇමති නිමල් ලංසාගේ ජර්මන් සංචාරය නිමවා පැමිණිමෙන් අනතුරුව  පසුගිය දිනක ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරුන්ගේ විශේෂ හමුවක් කැදවා තිබුනේ මාධ්‍ය ඔස්සේ තමන් වෙත එල්ලවෙමින් ඇති චෝදනා පිළිබදව මන්ත්‍රිවරුන්ගේ අදහස් විමසිමටය.
එහෙත් මේ හමුවට පැමින සිටි කිසිදු නාගරික මන්ත්‍රිවරයෙකු ඇමති ලංසාගේ සහයට කිසිවක් පවසා නැත.ඇමති සරත් ගුණත්නට වඩා හැම විටකම නගාරික මන්ත්‍රි මණ්ඩලයට විවිධාකාරයෙන් සලකන්නට මුලිකත්වය ගනු ලබන්නේ ඇමති නිමල් ලංසා බව කා අතරත් ප්‍රචලිතය.
මේ හේතුවෙන් කළකිරිමටත් කෝපයටත් පත්ව ඇති ඇමති නිමල් ලංසා පවසා ඇත්තේ තමන් ජාතික දේශපාලනය සදහා වෙනම කණ්ඩායමක් ගොඩනගාගෙන ඉදිරියේදි කටයුතු කරන බවත් නගාරික මන්ත්‍රිවරුන්ට කැමැති අතක් බලාගන්නා ලෙසත්ය.