ඇමති නිමල් ලංසා මහින්ද පිළට ?

0
53

යහපාලන රජයේ නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සිය දේශපාලන ජිවිතය ගැන කළකිරිිමකට පත්ව ඇතැයි ඔහුට සමිප ආරංචි දක්වා සිටියි.
පසුගිය දිනක මීගමුවේ එක්තරා හෝටලයකදි පැවැති සාකච්ජාවකදි ඇමතිවරයා සිය හිතවත් හිටපු නාගරික මන්ත්‍රින් පිරිසකට පවසා ඇත්තේ මහින්ද පිළට එක්ව වැඩකරන ලෙසත් තමන්ද අවශ්‍ය වේලාවට  මහින්ද පිළට එක්වන බවත්ය.
මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපතිධුරයෙන් ඇමති නිමල් ලංසාව ඉවත් කොට ඒ සදහා ඇමතිණි සුදර්ශණි මහත්මිය පත්කිරිමත් එමෙන්ම මීගමුව ආසනයේ නව ශ්‍රිලනිප සංවිධායකවරයෙකු පත්කිරිමේදි කිසිදු සැලකිල්ලක් ලංසා පාර්ශවය වෙත නොදක්වා සිටිමත් යන කරුණු මත ඔහු මෙසේ බරපතල කළකිරිමකට ලක්ව ඇතැයි  සැලය.
කෙසේ වෙතත් නම සදහන් කිරිමට අකමැති වු ශ්‍රිලනිප ක්‍රියාධරයෙකු පවසා සිටියේ මෛත්‍රිගේ පැත්තට සිග්නල් දමා බැසිල්ලාගේ පැත්තට හරවන්න බලන් හිටපු ඇමති නිමල් ලංසාට ජනාධිපතිවරයා විසින් නිසි පිළිතුරක් දි ඇතිබවය.
nimal lansa 2w

Save