ඇමති ලංසා මීගමුව පැරදවිමට කටයුතු කරන්නට යයි?

0
148

janadiriya 2පළාත් සභා ඇමති නිමල් ලංසා සහ මීගමුව ආසන සංවිධායක සහ ධිවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න අතර කලක පටන් ඇතිව තිබෙන දැවැන්ත අවුලේ ප්‍රථිපලයක් ලෙසින් මීගමුව ආසන සංවිධාකයාව ආමාරුවේ දැමිම අරමුණු කොට ගෙන ඉදිරි මැතිවරණ වලදි මීගමුව ආසනය පැරදවිමට කටයුතු කිරිමට ඇමැති ලංසා බොහෝ විට කටයුතු කරනු ඇතැයි මීගමුව ජේෂ්ඨ ශ්‍රිලනිප නායකයන් කිපදෙනෙකුගේම විග්‍රහය බවට පත්ව තිබේ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදි ඇමති බැසිල් රාජපක්ෂගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධාන වගකිමට උරදි සිටින ඇමති නිමල් ලංසා මේ අයුරින් මීගමුව ආණ්ඩුපක්ෂ ජනතාවට දෝහි වන්නට පටන්ගෙන ඇත්තේ තමන්ට මීගමුව ආසනය අහිමිවිම නිසා බව නම සදහන් කිරිමට අකමැති ජේෂ්ඨ ශ්‍රිලනිප නායකයෙකු මීපුරට පවසා සිටියේය.