ඇමති ලංසාගෙන් මීගමුවට බිලිබෝයි කෙනෙක් ?

0
49

BlindManSignමෛත්‍රි පිල  මහින්ද පිළ අතර දෙපැත්තටම කකුල් තියාගෙන දේශපාලනයක නියැලෙන ඇමති නිමල් ලංසා මේ දිනවල බරපතල දේශපාලන අර්බුදයකට මුහුණ දි සිටි.
ගෙදර ගියොත් අඹු නසී මඟ මිටියොත් තෝ නසි ගනයේ අර්බුදයක් දැන් ඔහු වා නිර්මාණය වෙමින් තිබේ.
තමන්ට නියෝජ්ය ඇමතිකමකුත් සිය සොහොයුරාට නියෝජ්‍ය නගරාධිපති ධුරයත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති හරහා ලබාගත් නිමල් ලංසා මහතා ඉදිරියේ ඇති ප්‍රබලතම අභියෝගය වන්නේ එළඹෙන පලාත් පලාන මැතිවරණයයි.
එහිදි සිය මළණුවන් කෙසේ හෝ නගරාධිපතිවරයා කරගැනිම ඔහු ඉදිරියේ දැන් දේශපාලන සැලැස්මයි.
එය සිදුකළ හැකියැයි ඔහු විශ්වාස කරන්නේ මහින්ද පිළෙන් මල්ලි තරගයට යැවිම හරහාම පමණක් යැයි ඔහුගේ දේශපාලන ගණන් බැලිමයි.
එහෙත් දැන් සිටිම එය ප්‍රසිද්ධියේ කරන්නට යෑමෙන් දැනටමත් කෝපයට පත්ව සිටින මෛත්‍රිපාල ජනාධිපතිගෙන් නියෝජ්‍ය ඇමතිකමත් නියෝජ්‍ය නගරාධිපතිකමකත් නැතිකරගන්නට ඔහු කැමති නැත.
එබැවින් ලංසා පවුලට මේ අවස්ථාවේ අවැසිව ඇත්තේ තමන්ට පාලනය කරගත හැකි අයෙකු මහින්ද පිළ වෙත ලං කිරිමය.
මේ සදහා ඇමති ලංසාගේ දැන් තේරිම දයාල් නිලංග නම් නාගරික මන්ත්‍රිවරයාය.
සරත් ගුණරත්න පිළේ සිට ලංසා පිළට කරණම් ගැසු දයාල් නිලංග සිය නගාරික ධුර කාලය තුල වැඩියෙන්ම අප්‍රසාදයට පත්ව තිබුණේ දරුවන්ට නොමිලේ ලබාදිම සදහා දුන් අභ්‍යාස පොත් තොගයක් කඩයකට අලෙවිකර තිබියදි අසුවිම නිසාය.
එබැවින් පොත් හොරා යැයි නාමයක්ද පටපැදුනි.
ඉතින් ඇමති නිමල් ලංසාගේ බිලි බෝයිට අදින්නේද මේ දරුවන්ගේ  පොත් ගසා කෑ ඒ දයාල් නිලංගමය.