ඇමති ලංසාගේ කාන්තා දේශපාලනය හමාරද ?

0
107

MR rallyරට කොතැනක හෝ  පැවැති ශ්‍රිලනිප උද්ඝෝෂණයකදි මීගමුව ප්‍රසිද්ධියට පත්ව තිබුනේ විශාල බස් රථ ප්‍රමාණයක්  සමගින් කාන්තාවන් ගෙනයාමට මුල්ව තිබුණ නගරයක් ලෙසය.
ඒ ඇමති නිමල් ලංසා විසින් විවිධ ද්‍රව්‍යමය ආධාර ලබාදෙමින් සංවිධානය කර තිබුණ කාන්තා සමිති සමාජිකාවන් එවැනි තැන්වලට ගෙනයාමට ඇමති නිමල් ලංසා මුල් ව කටයුතු කර තිබුන නිසාය.
එහෙත් මෑත ඉතිහාසයේ ප්‍රථම වරට පිරිමින් අතිබහුතරයක් රැගෙන කොළඹ පැවැති උද්ඝෝෂණයකට යෑමට තමන්ට හැකිව ඇතියි මීපුර වෙබ් අඩවිය අමතා ප්‍රකාශයක් කළ මහින්ද පිළේ සංවිධායකයෙකු කියා සිටියේය.
අද වැඩ දිනයක් වුවද මැෂින් කුකුල් පැට්ව නොදි බස් රථ 9 කින් අද පැවැති විරෝධතාවයට ජනයා ගෙන යන්නට හැකිවිම සෑබෑ ජයක් බවද අදාල සංවිධායකවරයා කියා සිටියේය.MR rally 2