ඇමති ලංසාගේ කාන්තා බලවේගය රංජන් රාමනායකට එරෙහිව උසාවිය ඉදිරියට

0
72

nimal supportersnimal supporters 2nimal supportes 3ඇමති ලංසා සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක විසින් පාර්ලිමේන්තුව තුල කරන්නට යෙදුන විවේචනාත්මක ප්‍රකාශයන්ට එරෙහිව ඇමති ලංසා විසින් මීගමුව අධිකරණයට ගොනු කළ නඩුව අද ට යෙදි තිබේ.
අද උදෑසන සිට නගරය පුරා පෙළපාලියකින් පැමිණි ඇමති ලංසාගේ කාන්තා සමිති සාමාජිකාවන් රංජන් රාමනායක එන මග රැකසිටිනුයේ ඔහුට විරෝධය පළ කරන්නටය.
මීගමුව අධිකරණය ඉදිරි පිට දහස් ගණනක කාන්තා පිරිසක් විරෝධතා පුවරු රැගෙන රැස්ව සිටින බව අපගේ ආරාංචි මාර්ග දක්වා සිටි.
ඇමති ලංසාට එරෙහිව මේ පොදු චෝදනා සිදුකර ඇත්තේ රංජන් රාමනායක පමණක් නොවේ.මීගමුව ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්නද විසින් ලංසාට එරෙහිව බරපතල චෝදනා සමාජ ගත කර ඇත.එමෙන්ම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවා මෙසේ බරපතල ලෙසින් ඇමති ලංසාව විවේචනයට ලක්කර තිබේ.
තතු එසේ වුවද රංජන් රාමනායකට මීගමුව හා ඇති සම්බන්ධය නිසා මෙන්ම ජනපතිවරණයේදි ප්‍රචාරක වාසියක් වෙනුවෙන් මේ උද්ඝෝෂණය සංවිධානය කරනු ලැබ ඇතැයි එජාප නාගරික මන්ත්‍රිවරයෙකු මීපුරට පවසා සිටියේය.
පසුගිය කාලය තුල මිගමුවේ ජනතාව අතර බරපතල විවේචනයකට ලක්වු ඇමති නිමල් ලංසාගේ ජනප්‍රියත්වය පහලටම බැස තිබුණි.
බස්රථ පවා යොදා ගනිමින් මේ කාත්තාවන් රැස්කර ඇත්තේ නැතිවුණ ජනප්‍රියතාවය යළි නගා සිටුවා ගැනිම වෙනුවෙන් විය යුතුය.
ඡායා- ඩිල්ෂාන් තිසේරා