රාජපක්ෂ රෙජිමය තුල සිය බලය පාමින් විවිධ අයථා ගණුදෙනු වලට සම්බන්ධ වු පිරිස් දිනෙන් දින කොටුකරගැනිම මෙහෙයුමක් ගැන පුවත් දිනෙන් දින පළවෙන්නට පටන්ගෙන තිබේ.
විශේෂයෙන්ම මීගමුවේ ජනයා මේ අරභයා බලා සිටින්නේ පිච්චියක් අතේ නැතිව සිටි ඇතමුන් කෝටි ප්රකෝටිපතියන් වුයේ කෙසේදැයි යනුවෙන් අල්ලස් හා දුෂණ කොමිසම කටයුතු කරනු ලබන දිනය එන තුරුය.
මීගමුව තුල බොරළු සැපයුම් කරුවෙක් කෝටි ගණන්වලින් හෝටල් මිළට ගත්තේ කෙසේද ?
එපමණක් නොව කුරණ ප්‍රදේශයේ දැනට ඉදිවෙමින් ඇති අති දැවැන්ත සුපිරි උත්සව ශාලාවක් ඉදිකිරිමේ ව්‍යාපෘතියේ ප්‍රධාන අයෝජනකරුවෙකු වන්නේ කෙසේද ?
බස්නාහිර ඇමති නිමල් ලංසාගේ ප්‍රධානතම ව්‍යපාරික ගජමිතුරෙක් වු බොරළු සමන්ත නැමැත්තා වසර කිපයක් තුලදි මේ පළාතේ කෝටිපතියෙකු වි තිබේ.
ඇමති ලංසාගේ දේපලවල භාරකරුවෙකු ලෙස සිටිමින් ඒවා මිළට ගැනිම් මෙන්ම විකිණිම්ද සිදුකරන්නට මුල්ව කටයුතු කරමින් සිටින්නේ මේ බොරළු සමන්ත නැමැත්තාය.