ඇමති සරත්ගේ ඉතාලි රස්සාව බල්ලෝ බලාගත්තු එකලු- ඇමති ලංසා කියයි?

0
78

Screenshot from 2014-02-13 00:53:35ආණ්ඩු ඇතුළු අලුත් ශ්‍රි ලංකා කාරයන් සහ පරණ ශ්‍රිලංකා කාරයන් අතර ගැටුම යනු  රටේ පාලනය දෙදරුම් කවන හෙට දවසේ සජිවි අර්බුදයයි.
මේ ගැටුමේ සජිවි මාධ්‍ය සංදර්ශනය දිගහැරෙමින් තිබෙන්නේ මීගමුව හෙවත් පුංචි රෝමය හරහාය.
හන්දියක් ගානේ සුරුවම් තිබුනත් වත්මන් ආණ්ඩු පාලනයට මීගමුව නතු විමෙන් පසු පල්ලියේ සියළු දෙවි වරුවන් පරදවා දේශාපලකයන්ගේ ප්‍රේත බැල්මට මීගමුව වේගයෙන්ම හසුවිය.
මේ දිනවල පුවත්පත් ඔස්සේ මේ කලඑලිබසිමින් ඇත්තේ මීගමුවට අරගත් සියළු ප්‍රේතයන් මීගමුව හපකර ඇති තරමයි.
ඇමති ලංසාට අණුව වැඩියෙන්ම හොරකම් දුෂණ වංචා සිදුකර ඇත්තේ ඇමති සරත් ගුණරත්නය.
ඇමති සරත් ගුණරත්නට අනුව මීගමුවේ සියළු පතාල ක්‍රියාවන් මෙහෙයවනු ලබන ගෝඩ් පාදර් යන විශේෂණය අයත් වන්නේ ඇමති ලංසාගේ පාර්වයටය.
කෙසේ වෙතත් මේ ද්වන්ධ සටනේදි එක් දෙයක් නම් පැහැදිලිය. එනම් අලුත් ශ්‍රි ලංකාකාරයන්ගේ ප්‍රමිතිය පිළිබදව ගැටළුයි.
2014 අගෝස්තු 26 වන මව්බිම පුවත් පතේ පළව ඇති ඇමති නිමල් ලංසාගේ හෙළිකිරිම් සියල්ල විමර්ශනය කිරිමෙන් මෙය මොනවට පැහැදිලි වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුවේ ජේෂ්ඨ ශ්‍රිලනිප ක්‍රියාකාරිකයෙක් පවසා සිටියේ අද මව්බිම ලිපියේ ඇති බලු කථාව පමණක්ම අලුත් ශ්‍රි ලංකා කාරයන්ගේ තරම් මැන ගන්නට ප්‍රමාණවත් වන බවය.
තවදුරටත් ඔහු පවසා සිටියේ භිෂණ සමයේ පණ බේරා ගැනිම සදහා ඉතාලියට පැන ගිය සරත් ගුණරත්න ජිවත්විම සදහා බල්ලෙක් බලාගත් බව නිමල් ලංසා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමෙන් පසු තමන්ට හැඟුනේ මහත්තුරුන්ට අයත් ටයි පටියක් තවදුරටත් ලංසා පැළදිමේ තේරුමක් ඇතිද කියාය.???

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here