‘‘සංවර්ධනයේ නාමයෙන් සිදු කරන ඉඩම් කොල්ලය නවතා ජීවිත හා ජීවන මාර්ග සුරකිනු ’’
යන තේමාව යටතේ ඉඩම් අයිතිය සඳහා වූ ජාතික සංධානය මෙහෙය වූ පුවත් පත් මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය නොවැම්බර් 09 වැනි බදාදා දින සවස කොළඹ පුස්තකාල ප‍්‍රාලේඛන සේවා සම්මන්ත‍්‍රන ශාලාවේදී පැවැත්විණි.
වර්තමාන නිදහස් සංධාන රජය විසින් ‘‘ ආසියාවේ ආශ්චර්්‍යය ’’ යන තේමාව පෙරදැරි කර ගෙන සංචාරක කර්මාන්ත ප‍්‍රවර්ධනය සහ විදේශ ආයෝජන ප‍්‍රවර්ධන ව්‍යාපෘතීන් යැයි පවසමින් දැනට රට තුල ඉතා සීඝ‍්‍රයෙන් සිදු කෙරෙමින් පවතින ඉඩම් කොල්ලය නිසා ගැටළුවට පත් ව පීඩා විදින ජනතාව මුහුණ දෙන අන්ත අසරණ තත්වය පිලිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබිණි.
මෙහිදී රජයේ මෙම ඉඩම් කොල්ලය නිසා ඉතා අසාධාරණ ලෙස අගතියට පත්ව තම ජීවිත පවත්වා ගෙන යාමට නොහැකිව සමාන්‍ය ජන ජීවිතය අඩාලව සුවිශල් පාරිසරික සහ සමාජ ප‍්‍රශ්ණ ගනනාවකට මුහුණ දෙන පුද්ගල කන්ඩායම් නියෝජනය කරමින් ශී‍්‍ර ලංකාවේ පලාත් කිහිපයකින්ම පැමිණි ජනතා නියෝජිතයින් මෙහිදී ඔවුන් මුහුණ දෙන ගැටළු පිලිබඳව සත්‍ය කරුණු කාරණා මාධ්‍යයට අනවාරණය කලෝය.
මෙම සාකච්ඡාවේදී ප‍්‍රථමයෙන්ම කරුණු අනාවරණය කලේ මන්නාරම දිස්ති‍්‍රක්කයේ මුල්ලිකුලම් ප‍්‍රදේශයේ සිට පැමිණි ජෝශප් කෲස් මහතායි. ඔහු පවසන්නේ යුද්ධය නිමවී වසර කිහිපයක් ගත වුවද ඔහු ඇතුළු එම ගමේ ජීවත් වූ පවුල් සිය ගනනකට තමන් ජීවත් වු එම සුපුරුදු ගම්බිම් වල නැවත පදිංචි වීමට තමවත් එම ප‍්‍රදේශයේ කඳවුරු ලා සිටින නාවික හමුදා නිලධාරීන් අවසර දී නැති බවයි. මෙවැනි තත්වයක් තුල පාරම්පරිකව තමන් කල ධීවර කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත කටයුතු වල නියැලීමට නොහැකි වීමෙන් යුද්ධය නිමවී වසර කිහිපයක් ගෙවී ගිය පසුව පවා තම ජනතාව මහත් අසරණ තත්වයට පත් ව ජීවත් වීමට නොහැකි තත්වයකට පවා පත්ව ඇති බව මෙහිදී ඔහු වැඩි දුරටත් අනාවරණය කලේය.
එමෙන්ම ඌව වෙල්ලස්ස ප‍්‍රදේශය තුල සීඝ‍්‍රයෙන් සිදු වන ඉඩම් කොල්ලය පිලිබඳව අදහස් දැක් වූ කේ.පී. සෝමලතා මහත්මිය සදහන් කලේ ‘‘ ඩෝල් ලංකා’’ සමාගමට කෙසෙල් අඹ සහ අන්නාසි වගාව වෙනුවෙන් වන සතුන්ට වෙන් කර ඇති රක්ෂිත කැලෑ ඉඩම් ද එලෙසම සශී‍්‍රක ඉඩම්ද මේ වන විට දැඩි ලෙස කොල්ලකෑමකට ලක් වී ඇති බවයි. මෙවැනි වතාවරණයක් තුල එම ප‍්‍රදේශයේ වෙසෙන කාන්තාවන් දැඩි අසිරුතාවයන්ට ලක් වී ඇති ආකාරයද ඇය මෙහිදී පෙන්වා දුන්නාය. තම නිවසේ සිට ගෙවතු වගාව , සත්ව පාලනය සහ වී ගොවිතැන සිය ආදායම් මාර්ග බවට පත් කර ගෙන සිටි කාන්තාවන් තම දරුවන් ගැන සහ නිවසේ කටයුතුද මනාව පාලනය කර ගෙන ස්වයං ආර්ථික ජීවන ක‍්‍රමයක් පවත්වා ගෙන ගියාය. එහෙත් නානාවිධ වැවිලි ව්‍යාපෘති හරහා එම ගම් වලට පැමීනි සමාගම් අද වන විට ගම්වැසි කාන්තාවන්ගේ ශ‍්‍රමය ඉතා සුක්ෂම ලෙස සුළු දෛනික වැටුපකට සීමා කර තිබේ. මෙවැනි තත්වයක් තුල තම ගම් බිම් වල සිට තමන් හුරුපුරුදු වී සිටි සරල ජීවන රටාව සහ ස්වයං ආර්ථික ජීවන ක‍්‍රමය බිඳ වැටී තිබේ. සෝමලතා මහත්මිය සඳහන් කරන ආකාරයට මෙවන් පසුබිමක් තුල දෙමාපියන්ට දරුවන්ද , දරුවන්ට දෙමාපියන්ද අහිමි වන තත්වයක් මත එම ගම් ප‍්‍රදේශයේ බොහෝ පවුල් ජීවිත අවුල් වී තිබේ. එලෙසම තම ගම් ප‍්‍රදේශයේ ජල සම්පත මහා පරිමාණ වගා බිම් වෙත සීමාවකින් තොරව ලබා ගැනීම මත ගම්වැසියන්ගේ මෙන්ම වන සතුන්ගේද පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව විශේෂයෙන් තම ජීවිතය පවත්වා ගෙන ගිය වනාන්තර ප‍්‍රදේශ අහිමි වීමෙන් අලි-මිනිස් ගැටුමද මේ ප‍්‍රදේශ වල වඩාත් උග‍්‍ර පාරිසරික සහ සමාජ අර්බුධයක් බවට පත් වී තිබේ. අලි-මිනිස් ගැටුම හේතුවෙන් අහිමි වී යන වන අලින් සහ මිනිස් ජීවිත වල වගකීමක් පාලකයන්ට නොමැත.
එලෙසම අම්පාර දිස්තී‍්‍රක්කයේ පානම ප‍්‍රදේශය නියෝජනය කරමින් පැමිණි පුංචිරාල සොමසිරි මහතා ද අවධාරණය කලේ තමන් ඇතුළු එම ගමේ බහුතර පිරිසක් පාරම්පාරිකව සිදු කල ධීවර කර්මාන්තයට සහ කෘෂිකාර්මාන්තයට නැවතිමේ තිත තැබීමට සිදුව ඇති බවයි. ඒ මේ ප‍්‍රදේශයේ ළගදීම ආරම්භ කිරීමට යන සංචාරක කර්මාන්තය හේතුවෙනි. අරුගම්බේ මුහුදු වෙරළ සිමාවේ මේ වන විට මහා පරිමාණ මුදල් ආයෝජනයක් මත සිදුවන සුවිශල් සංචාරක කලාපයක් ලෙස රජය මඟින් නම් කර තිබේ. එම තතත්වය මත ඒකී සුවිශල් සංචාරක කලාපයක් ආශී‍්‍රතව පිහිටි මනරම් සශී‍්‍රක කලපුවකින් සහ චමත්කාරජනක මුහුදු වෙරළකින්ද සමන්විත මේ පානම ප‍්‍රදේශයේ වෙරළ සහ කලපු ආශී‍්‍රත සංවේදී ඉඩම් විශාල ලෙස කොල්ලකෑමට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් සහ බලධාරීන් කොතෙක් දැනුවත් කලද මේ ඉඩම් කොල්ලය නිමාවක් නොවනු ඇත. එලෙසම මෙම ප‍්‍රදේශයේ දියත් වන මෙම සංචාරක කර්මාන්ත ව්‍යාපෘති හරහා සිදු වන්නේ ගමට ප‍්‍රතිලාභයක් ලැබෙනවා වෙනුවට එක් එක් පෞද්ගල කන්ඩායම් වලට මෙහි ප‍්‍රතිලාභ ගලා ගෙන යාමය. එවන් පසුබිමක් තුල එම ගමේ වෙසෙන තරුණ තරුණියන් ට අවසානයේ අත්වන්නේ මත් තුඩු සහ මත් පැන් ඇති විෂමාචාර සමාජ පරිසරයක් පමනකි.
එලෙසම කොළඹ අගනුවර පවා කොම්පඤ්ඤ වීදිය, මියුස් වීදිය සහ වනාතමුල්ල වැනි වතු ආශී‍්‍රත ප‍්‍රදේශ වල වාසය කල ජනතාව සිය වාස භූමී ඉඩම් වලින් බලයෙන් ඉවත් කිරීමද රජය විසින් සිදු කරනු ලබන ඉඩමි කොල්ලයේ ම තවත් එක් පැතිකඩකි. කොළඹ අගනුවර පවතින්නාවූ වැඩි ආර්ථික වටිනාකම් සහිත මෙම ඉඩම් කොල්ලය පිලිබදව මෙම සාකච්ඡාවේදී කරුණු අනාවරණය කලේ සත්‍යවේල් පියතුමාය.
කොළඹ ප‍්‍රදේශයේ මෙම වතු ඉඩම් වලින් රජය බලයෙන් එහි ජීවත් වූ පිරිස් වෙනත් ස්ථාන කරා පදිංචි කරවීමේදී ලබා දුන් කිසිදු පොරොන්දුවක් මෙතෙක් ඉටු වී නොමැත. ඒ නිසා රජය විසින් කොළඹ වතු ආශී‍්‍රත ජනතාව නැවත පදිංචිකිරීම සදහා ලබා දෙන පොරොන්දු පිලිබදව කිසිදු විස්වාශයක් නොමැති බවද එතුමා පැවසීය. ඒ නිසා කොළඹ ප‍්‍රදේශයේ එනම් වතු ආශී‍්‍රත ජනතාව ආරක්ෂා කරමින් සංවිධානය වී ඇති කොළඹ පැල්පත්වාසීන් ආරක්ෂා කර ගැනිමේ වැඩපිලිවෙල ඉදිරියටත් කි‍්‍රයාත්මක කර එම ජනතාව ට සිදු වී ඇති අසාධාරනය වෙනුවෙන් යම් හඩක් නගා ඔවුන්ට යම් සාධාරනයක් ඉටු කර දිය යුතුව ඇතැයි පියතුමා වැඩි දුරටත් එහිදී පැවසීය.
ඉන් පසු මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වුයේ පරිසර සංරක්ෂන භාරයේ අධ්‍යක්ෂක සජීව චාමිකර මහතායි. දැනට රට තුල සෑම පලාතකම පාහේ සිදු වන ඉඩම් කොල්ලකෑම පිලිබදව ඔහු සවිස්තරාත්මකව කරුණු ගෙන හැර දක්වමින් මාධ්‍යවේදීන් දැනුවත් කලේය. එහිදී ඔහු රජය විසින් සංචාරක කර්මාන්ත ප‍්‍රවර්ධනය සහ විදේශ ආයෝජන ප‍්‍රවර්ධන ව්‍යාපෘතීන් යැයි පවසමින් මෙතෙක් රට තුල සිදුකල ඉඩම් කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයක් ද ප‍්‍රමානාත්මකව ගෙනහැර දැක්වීය. අවසානයේ සරත් ප‍්‍රනාන්දු මහතා විසින් මෙලෙස කොල්ලකෑමෙන් අහිමි වන ඉඩම් වල අයිතිය තහවුරු කර ගැනීමට කුමක් කල යුතුද ?යන මාතෘකාව යටතේ දීර්ඝ අදහස් දැක්වීමක් සිදු කලේය.
ඉන් පසුව සාකච්ඡාව අවසානයේ දී මෙවැනි ඉඩම් කොල්ලකෑමේ තත්වයන්ගෙන් රටේ පිඩා ව්දින ජනනතාව වෙනුවෙන් රට තුල සිදුවෙන අහේතුක සංවර්ධනයට එරෙහිව සාධාරණය ඉල්ලා පෙල ගැසිය යුතු බව සැමගේම පොදු මතය ලෙස ප‍්‍රකාශයට පත් විය. මෙහි තවත් මාධ්‍ය සාකච්ඡාවක් ඉදිරි දිනෙක පැවැත්වීමට ද එහිදී තීරණය විය.