අද මැයි 30 බ්‍රහස්පතින්දා දැන් යුරෝපා වේලාව උදේ 7.09 යි. මා මිලානෝ නගරයේ උමං දුම් රියේ ගමන් කරමින් සිටියදී කිහිලිකරු වලින් ගොඩවූ මේ කලු ජාතිකයාට ,මේ ඉතාලි ජාතික ගැබිනි මව ඇගේ අසුන පරිත්‍යාග කලා.ඔහු එයට ස්තූති කර ප්‍රතික්ෂේප කලත් ඇය ඉතා හොඳින් සිටින බවත් ඇය එම පිරිනැමීම කලේ සතුටින් බවත් පැවසූ විට ඔහු ඇයට ස්තූති කොට වාඩිවුනා.මඳක් ඈතින් සිටි මම නැගිට මගේ අසුන ඇයට පිරිනැමීමට සූදානම් වූවත් ඇය ඉතාමත් කාරුනික සිනහවක් සමගින් මට ස්තූති කර ඇය සිටගෙනම ගියා.
(උපුටා ගැනිම මිපුර පාඨක ලෙස්ලි ලෝව් මිතුරාගේ මුහුණු පොතෙනි)
අපේ ලොව් මිතුරාගේ අගනා සටහන කියවද්දි මට දැනුන දේ තමයි ඉතාලියේත් යුරෝපයේත් රටවල ඉන්න අපේ සමහරක් ලාංකියන්ගේ.ග්‍රෝත්‍රික බවේ තරම.අනුන්ගේ රටක ඉදන් තමන්ගේ වගේ බුහුමන් ලබන ගමන් කටක් අරින්න ලැබුන තැන සතා එලියට එනවා.ඉස්සර නම් මේ අයගේ.අනෙකා දෙමෙළ්ලු දැන් හම්බයෝ.
ඉතාලියේ අය ලාංකිකයන්ට විතරක් නෙමෙයි වෙනත් රටවලට අයටත් කතා කරන්නේ උපරිමයෙන් නම්බුකාර විදියට.ඒවිතරක් නෙමේ බෝට්ටුවලින් ඇවිත් නැව් වගේ.ගෙවල් ගහල පරම්පාර ගානක් ගොඩදාලා දැන් බුකියේ ලොකු ටෝක් දානවා චණ්ඩි කතා බෙදාහරිනවා හම්බ කඩ වර්ජනය කරන්න කියල.හැබැයි අගොස්තුවේදී ලංකාවට එන්නේ කටාර් එකේ නැත්නම් එමිරේට්ස් එහෙමත් නැතිනම් ඔමාන් එයාර්වල.කද ඩිජිටල් ඔළුව කචල් ඇතැම් ලාංකිකයන්ටත් ලගදිම වෙනස් කොට සැලකිම් ගැන අත්දැකිම් ඉතාලියෙදිම ලැබෙන්න ලගයි.එතකොට තේරෙයි වෙනස්කම් කිරිමේ රගේ.පහුගිය දවස්වල.යුරෝපා පාර්ලිමේන්තුවට ඉතාලියෙන් තේරි පත්වුනේ සංක්‍රමණිකයන් ට උපරිම ලෙස විරෝධිව කටයුතු කරන කෙනෙක්.
වෙනස්කොට සැලකිමට වඩා මිනිස්කමට ගරු කරන්න අර ඉතාලි බඩදරු අම්මගෙන්වත් ඉගෙන ගන්න.