ඉතාලි රියදුරු බලපත්‍ර ප්‍රශ්නය

0
237
Rome, Italy - April 04: Traffic on the Via dei Fori Imperiali street in front of Colosseum in the evening, Rome, Italy, on April 04, 2013

2006 වර්ෂයෙත් වර්ථමාණයේ වගේම ලංකාවේ ලයිසන් එක ඉතාලි ලයිසන් එකට හරවාගන්න නීතිය සදහා වූ ගිවිසුම් අලුත් කරන්න බැරි උනා.

නැවත ඒ ගිවිසුම් අලුත් කලේ 2010 වර්ෂයේ.

2006 වර්ෂයේ ඉතාලියට ආපු රිසිඩන්ස් (ඉතාලියේ පදිංචිය තහවුරු කල) අවුරුදු 4 ක් පහුවෙලා ඉතාලි ලයිසන් එක ගන්න බැරි උන ගොඩක් කට්ටිය ඉන්නවා.

ඒ වගේම ඉතාලි රජය ඒම නිතිය සදහා වූ ගිවිසුම් දීර්ඝ නොකරන බවට වූ ප්‍රචාරයන් නිසා ලංකාවේ රියදුරු බලපත්‍රයක් නොගෙන 2006 වර්ෂයෙන් පසු ඉතාලියට ආපු අයත් ඉන්නවා. ඉතාලි රජය සමග 2010 වර්ෂයේ අලුත් ගිවිසුම් අත්සන් කරාට පසුව ඒ අය ලංකාවේ ලයිසන් එක අරගත්තත් (ලංකාවට ගිහාම) වැඩක් උනේ නෑ ඉතාලියේ පදිංචිය තහවුරු කර අවුරුදු 04 කට පසුව ලංකාවේ ලයිසන් එක ගත්ත නිසා.

ඒ වගේම ඉතාලියට නිත්‍යානුකූල නොවන අන්දමින් පැමිණ, පසුව ඉතාලියේ නිත්‍යානුකූල අවසර පත්‍රයක් ලබාගත්, ලංකාවේ ලයිසන් එකක් නොමැති සහ පසුකාලීනව ලංකාවේ ලයිසන් එක ගත්ත බොහෝ පිරිසක් සිටිනවා.

රජය මැදිහත් වෙලා මේ ප්‍රශ්නයට මොකක් හරි විසදුමක් දෙන්න පුලුවන් උනොත් ඒක ගොඩක් වටිනවා.

රියදුරු බලපත්‍ර ප්‍රශ්නය තියෙන්නේ ඉතාලියේ රියදුරු පාසලකට ගිහින් විභාගය ලියලා ඉතාලි ලයිසන් එක ගන්න අමාරු කම. ලංකාවේ රියදුරු බලපත්‍රය ගන්න ලංකාවේ සිංහලෙන් තියෙන විභාගයත් කී දෙනෙක් අසමත් වෙනවද.? එහෙම නම් ඉතාලියට ඇවිත් ඉතාලි භාෂාවෙන් පවත්වන විභාගයක් සමත් වීම කොතරම් දුෂ්කරද.?

මේ ප්‍රශ්ණයට විසදුමක් ලෙස ලංකාවේ විභාගය ලියලා, ට්‍රයල් පෙන්නලා ලංකාවේ ලයිසන් ගත්ත කෙනෙක්ට, ඉතාලි රියදුරු පාසලකට ගිහින් ට්‍රයල් පෙන්නලා ලයිසන් එක ගන්න විදිහක් ඉතාලි රජය සමග ලංකා රජය කතා කරලා හදා ගන්න පුලුවන් නම් වටිනවා.

තවම නව ගිවිසුම අත්සන් කර නොමැති බැවින් ලංකා රජය තවමත් පරක්කු නෑ මේ ගැන ඉතාලි රජය සමග සාකච්ඡා කරන්න.!

ඉතාලියේ ලාංකිකයන්ගෙන් සිදුවන අනතුරු වැඩිවීමක් තියනවා කියලා චොදනාවකුත් තියෙනවා.

ඒකට හේතුව ඉතාලියට ඇවිත් අවුරුදු හතරක් ඇතුලත ලංකාවේ ලයිසන් එක හරවා ගැනීම කියන එකයි මගේ මතය. අලුතෙන් එන කෙනෙක්ට භාෂාවක් නොදැන, ඉතාලියේ පාරක් ගැන නොදැන, ඉතාලියේ නීතියක් නොදැන කෙලින්ම ඉතාලි ලයිසන් එක දුන්නහම අනතුරු වැඩිවීම සාමාන්‍ය දෙයක්.

හරි නම් ඉතාලියේ අවුරුදු හතරකට වැඩිය රිසිඩන්ට් තියෙන කෙනෙක්ට හෝ අලුතෙන් එන කෙනෙක්ට ලංකාවේ ලයිසන් එක හරවා ගැනීම ඉතාලියේ රියදුරු පාසලකට ගිහින් ට්‍රයල් පෙන්නලා ඉතාලි ලයිසන් එක ගන්න එක ගොඩක් සාර්ථක සහ අනතුරු අඩුවෙයි කියන එකයි මගේ නම් මතය.

,(ලක්දේස් විජේසිංහගේ ෆේස් බුක් පිටුවෙනි )