ඉතාලියේ කරවිල වවන දිසා අයියා…..

0
645

    disa 1 කරවිල යනු ඉතාමත් ගුණ එලවලුවකි.නමුත් බොහෝමයක් කරවිල ආහාරයට ගැනීමට වැඩි කැමත්තක් නොදක්වයි. ඒ කරවිල වල ඇති තිත්ත රසය නිසාය. තිත්ත නිසාම එහි ගුණද වැඩිය. කරවිල බැඳුම ,  කරවිල තෙල් දැමීම තුලින් එහි තිත්ත රසය අවම කරගත හැක.ඒ නිසාම බොහෝමයක් කරවිල තෙලෙන් බැද ආහාරයට ගැනීමට ප්‍රිය කරති.කරවිල දියවැඩියාවට සුවිශේෂි වූ ඖෂධයකි.disa3disa5

කරවිල දකුනු ආසියාතික රටවල හ  සමහර අප්‍රිකා රටවල දැකිය හැකි ශාකයකි. ඉතාලිය වැනි  වෙනස්වන දේශගුණික තත්වයක් තිබෙන රටක දැකීමට ලැබීම දුලබය.

සිසිලියේ පවතින සාරවත් භූමිය නිසා කෘෂි කර්මාන්තයට උචිත වේ. ඒ නිසාම මෙහි කෘෂි කර්මාන්තය ඉතා දියුණුව පවති. සිසිලියේ පිහිටා ඇති එට්නා ගිනිකන්දද එයට හේතුවකි.
ජනාකීර්ණ නගරයක් වූ මෙසීනා නගරය සිසිලි දූපතේ එක් කෙලවරක පිහිටා ඇත. මෙහි සැලකිය යුතු ශ්‍රී ලාංකීකයන් පිරිසක්ද ජිවත් වෙති. දිසානායක මහතා ද වසර 30 ක පමණ කාලයක සිට මෙම නගරයේ ජීවත්වෙන්නෙකි. එදා පටන් ඉතාලි හෝටලයක සේවය කල ඔහු අද වනවිට  එම රැකියාවෙන් ඉදිරියටම ගොස් ඇත. තම විනෝදාංශයක් වශයෙන් එලවලු වගා කරන ඔහු මෙම වසරේදි ලංකාවෙන් ගෙනා කරවිල බීජයක් සිටවන ලදි.disa 2disa 7
නාගරීකකරණය හේතුවෙන් ජිවත් වන්නට සිදු වන නිවාස සංකීර්ණ තුල වගා කිරිමට සිදුවන්නේ විව්ධ බඳුන් හෝ පෝච්චි තුලය. පහල  මහලක් ජීවත්වන දිසානයක මහතා එහි බැලකනියේ බිම අතුරා ඇති උළු කැටයක(ටයිල් කැටයක් )  කොටසක් ඉවත් කොට මෙම බීජය පැලවීමට දමා ඇත.පසුගිය මැයි මාසයේ දැමූ මෙය මේ වන විට තම නිවස මෙන්ම අවට නිවෙස් වෙතද දළු ලා ඇදෙමෙන් පවතී.තම නිවසේ වැට පුරාම පැතිර ගොස් ඇති මෙම කරවිල වැලෙහි මේ වනව්ට කරවිල ගෙඩි 120කට ආසන්න ඵලදාවක් ලබා ගෙන ඇත. ඉතා සරුවට වැඩී ඇති මෙම කරවිල වැලට කිසිදු රසායිනික පොහොරක් හෝ නොදා තිබිම විශේෂයකි.දිනකට දෙවරක් උදේ සවස වතුර දැමීමට  දිසානායක මහතා අමතක නොකරයි. ශ්‍රී ලංකාවේද මෙවැනි කරවිල වැලක් දැක නැති බව පවසන ඔහු මෙයට මහත් ආදරයක් දක්වයි. තම කරවිල,  අවට ශ්‍රී ලාංකීකයන් වෙසෙන නිවෙස් අතර බෙදා දෙයි.disa 8

තම කරවිල  වැල උදේ හවා දැකීමේන් සතුටට පත්වන ඔහු එලබෙන ශීත කාලයේදි එය මැලවී යනු ඇතැයි කීවේ අකමැත්තෙනි.දිසානායක මහතාගෙ කරවිල රස බැලූ අයෙක් පැවසුයේ ඉතාලියේ කරවිල ලංකාවේ කරවිල තරම් තිත්ත නෑ කියාය..

ඡායා- සහ සටහන – ඩිල්ෂාන් -මෙසිනා -ඉතාලිය