ඉතාලියේ කොරෝනා වෛරසය හේතුවෙන් අද මිය ගිය ගණන 196 ක් ! මිය ගිය මුළු ගණන 827 දක්වා ඉහලට !

0
75
Faithful wear protective face masks as they wait for the arrival of Pope Francis to the Basilica of Santa Sabina before the Ash Wednesday mass, Rome, 26 February 2020. ANSA/FABIO FRUSTACI

 

Faithful wear protective face masks as they wait for the arrival of Pope Francis to the Basilica of Santa Sabina before the Ash Wednesday mass, Rome, 26 February 2020. ANSA/FABIO FRUSTACI

ඉතාලි මරණ ගණන 11ඉතාලිය සැබැවින්ම ඉතිහාසය තුල දැවැන්ත  අර්බුදයට මුහුණ දෙමින් සිටින්නේ මේ දක්වා එය පාලනය කිරිම සදහා මේ දක්වා ගන්නා ලද ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයද ඉතාමත් කණගාටුදායක තත්වයකට පත්ව ඇති පසුබිමකය.
චීනයෙන් ඇරඹි කොරෝනා වෛරසය මේ වන විට බරපතලම විනාශය සිදුකර ඇත්තේ ඉතාලිය තුලය.
ගෙවුණ පැය 24 ක කාලයේදි   චිනය තුල 22 දෙදෙනෙකු මිය යද්දි ඉතාලියේදි ඒ ගණන 196 ක ඉහල අගයකට ගොස් තිබේ.එය දශ වශයෙන් චිනයට සාපේක්ෂකව අට ගුණයක වැඩිවිමකි.
එමෙන්ම මාර්තු 09 දිනයේ 97 දෙනෙකු මිය යද්දි එම ගණන මාර්තු 10 වෙනිදා දිනයේදි  168 ක් බවට පත්ව තිබුණි.
මාර්තු 11 වෙනිදා දිනය තුල මිය ගණන ලෙස 196 ක් වාර්ථා වන්නේ වෛරසය වැළදිමෙන් අනතුරුව එක දිනයක් තුලදි සිදුව ඇති විශාලතම මරණ ගණන ලෙස සලකුණු වෙමිනි.
මේ දක්වා මිය ගොස් ඇති ගණන 827 ක් වෙද්දි ඉන් 196 දෙනෙකුම ගෙවුණු පැය 24 තුල මිය ගොස් තිබිම යනු රට පත්ව ඇති අති බිහිසුණු ඛේදවාචකයෙ තරම පැහැදිලිවම කියාපාන්නක්  වි තිබේ.
එනම් මිය ගිය මුලු ගණනින් දළ වශයෙන් හතරෙන් එකක ප්‍රමාණයක් ගෙවුණ පැය 24 තුල මිය ගොස් තිබිමය.
මේ අතර අවධානය යොමු කළ යුතු ඊළග ප්‍රධාන කරුණක් වන්නේ දැනට ඉතාලිය තුල අසාදිතයන් 10590 ක්ද සිටිමය.
ඉතාලිය අද පත්ව ඇති තත්වයේ බැරැරුම්කම තේරුම් ගැනිම සදහා වැදගත් වන තවත් එක් කරුණක් ගැන ප්‍රධාන අවධානයක් යොමුකළ යුුතුව තිබේ.එනම් චීනය තුල ගෙවුණ පැය 24 ක කාලය තුල නව අසාදිතයන් 36 දෙනෙකු පමණක් හමුවෙද්දි ඒ ගණන ඉතාලියේදි 2313 ක් වි තිබිමය.
මේ ආකාරයෙන් පිමි පණිමින් වර්ධනය වෙනන කොරෝනා වෛරසය මේ වන විට ඉතාලිය තුල මිනිස් ජිවිත 827 ක් බිලිගෙන හමාරය.
මේ වර්ධනය වෙමින් ඇත්තේ සැබැවින්ම බියකරු යථාර්ථයකි.
මුලාශ්‍රය- www.worldometers.info