ඉතාලියේ සිට ලංකාවට පැමිණි ශ්‍රිලාංකිකයන්ට ඇවන්ගාඩ් ලොක්කෝ කරපු දේ ???.

0
83

srilankanවිවිධ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් සඳහා ඉතාලියේ සිට මෙරට පැමිණෙන ශ්‍රිලාංකිකයන්ට අපා දුක් විඳින්නට සිදුව ඇති බවට බරපතල චෝදනවාක් මේ වන විට එල්ලවි තිබේ.
පසුගිය 17 වෙනිදා ඉතාලියේ සිට ශ්‍රිලංකාවට පැමිණ මේ පිරිස මත්තල ගුවන් තොටුපලින් ගොඩබැසිමෙන් අනතුරුව රැගෙන ගොස් තිබුනේ අනුරාධපුරයටය.ඒ නිරෝධායනය සදහාය.
එහෙත් එහි ගිය විට දැනගන්නට තිබුනේ තමන් විසින් මුදල් ගෙවු ඇති පරිද්දෙන් තනි කාමර ආදල හෝටල් වලින් නොලැබෙන බවය. අදාල බලධාරින් පවසා ඇත්තේ එක කාමරයක දෙන්නා තුන්දෙනා බැගින් සිටිය යුතු බවය.
ඒ වන විටත් අධික වෙහෙසකට පත්ව සිටි මේ ලාංකික පිරිස අතර කුඩා දරුවන් මෙන්ම ගැබණි කාන්තාවන්ද රෝගින්ද සිටි බව වාර්ථා විය.
කෙසේ වෙතත් තමන් මුදල් ගෙවා ඇත්තේ සෞඛ්‍යමය ආරක්ෂාව පතා තනි කාමර වලට අදාල නිරෝධායන කාලයේ සිටිමට බව දැඩි ලෙස කියා සිටිමෙන් අනතුරුව ඇතිව තිබුන නොසන්සුන් තත්වය හමුවේ අදාල කාර්ය සම්න්ධිකරණය කරනු ලබන ඇවන්ගාඩ් නියෝජිතයන්ගේ හැසිරිම මෙරටට පැමිණි ලාංකිකයන් විසින් දැඩි ලෙස හෙලා දැක්කේ කිසිදු සංවේදිකමක් නැතිව ඇවන්ගාඩ් ලොක්කන් හැසිරුන  බව කියමිනි.
පසුව මේ පිරිසෙන් කොටසක් මාරවිල පිහිටි හෝටලයකට යවා තිබුණි.
ශ්‍රිලන්කන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පතක් සදහා රු 213000 ගෙවා තිබුන අතර නිරෝධායන හෝටල් ගාස්තුව වෙනුවෙන් දින 14 ක් සදහා රු 195444 ක්ද ගෙවා තිබුණි.
ඒසා විශාල මුදලක් ගෙවා තිබුණද ශ්‍රිලංකන් ගුවන් සේවයේ පැය 11 ක ගුවන් ගමන පුරාවට මේ ගුවන් මගින්ට ලැබි තිබුනේද කුඩම්මාගේ සැලකිලිය.අඩුම තරමින් ශිතලට පොරවා ගැනිම සදහා බ්ලැන්කට් එකක් හෝ ලබාදි නොතිබුණ බවට චෝදනා එල්ලවි තිබේ.
මේ පිරිස ඉතාලියේ මිලානෝ නුවරින් ගුවන් ගතවි තිබුනේ සැප් 17 වනදා රාත්‍රි 11.45ටය මත්තලට පැමිණ තිබුනේ සැප් 18 ප.ව 1.30 ට ය.මේ පිරිසට එදින සවස 4 ට පමණ කෑම පාර්සලයක් ලබා දි තිබුණි.
පසුව ඔවුන්ව පැය ගණන වෙහෙසකර ගමනකින් පසුව අනුරාධපුරයේ ෆාම් බේ නම් හෝටලයට ගෙන ගොස් තිබුණි මේ ගමන පුරාවට කිසිදු කෑමක් හෝ වතුර හෝ ලබාදිමට අදාල බළධාරින් පියවර ගෙන තිබුනේ නැත.
මේ පිරිස අනුරාධපුරට පැමිණි පසු සැප් 19 වෙනිදා අලුයම කෑම පාර්සලයක් ලබා දි තිබුණද එයද නරක් වි තිබුණි. කුසගිනි දරාගත නොහැකි නිසා මේ අයෙගන් සුළු පිරිසක් පමණ ඒ කෑම පාර්සලය අනුභව කර තිබුණි.
තවත් පැය කිපයකට පසුව සැප් 19 වනදා මේ පිරිසෙන් 27 දෙනෙකුව මාරවිල හෝටලයකට  රැගෙන විත් තිබුණි