ඉන්දියාවෙන් ගෙන ආ කෝටි 2කක් වටින මත්ද්‍රව්‍ය තොගයක් හලාවත වෙරළාසන්නයේදී අත්අඩංගුවට

0
101

heroin 1;'හලාවත බංගදෙණිය කරුපොනේ ධීවර ගමිමානයේ වෙරළේ රැදි සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන පරික්ෂා කල අවස්තාවෙි දි ඔහු  ලග තිබි රුපියල් කෝටි දෙකක් වටිනා හොරෝයින් කිලෝ දෙකක් අත් අඩංගුවට ගත හැකි වු බව සුරා මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි. heroin
සැකකටයුතු ලෙසින් පාර්සල් දෙකක් අතැතිව රැඳී පුද්ගලයෙකුව ඊයේ : 21 දි – රාත්‍රි අත් අඩංගුවට ගෙන පරික්ෂණ සිදු කල අවස්තාවෙි දි එම පාර්සල් වල තිබි හෙරෝයින් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් තිබු බව සුරා බදු දෙපාර්තමේන්තුවේ   මත් ද්‍රව්‍ය නාශක අංශය කියයි
ඉන්දියාවෙි සිට බෝටිටුවකින් මෙරටට මත්ද්‍රව්‍ය තොගයක් ගෙන එන බවට ලද තොරතුරක් මත සුරා බදු මත්ද්‍රව්‍ය නාශක  අංශයේ නිලදාරින් රාත්‍රි කරුකුපොනේ කොළණි වැල්ල වෙරළට ගොස් ඇතග එම අස්ථාවෙි දි සැකතරු නිලදාරියෙක්  එනු දැක පලා යාමට තැත් කළත් නිලධාරින් ලුහුබැඳ ගොස් එම පලා යමින් සිටි පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු ඉන්දියාවෙි සිය නීති විරෝධි ලෙසින් මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන විත් වෙරළට එම මත් ද්‍රව්‍ය තොගය ගොඩ බා ගෙන පසුව පැමිනි බෝට්ටුව ආපසු යවා ඇති බවත් පසුව එම මත්ද්‍රව්‍ය වෙනත් ප්‍රදේශයකට ගෙන යාමට සුදානමින් සිටි බවත් හෙළි කර ගෙන ඇත.
සැකකරු කරුකුපොනේ කොළණි වැල්ලේ පදිංචි 30 වන වියේ අයෙකු බවත් ඔහු කලක පටන් නීති විරෝධිව මත්ද්‍රව්‍ය ජාවාරමි කරන්නෙකු බවත් වාර්තා වේ.
සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංහයේ ස්තානාධිපති සුරා බදු පරික්ෂක නන්දන පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි පිරිසක් මෙම වැටලීම සිදු කර ඇත.
අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ජායාරූපයේ දැක්වෙි.


ඡායාරූප සහ සටහන
ඔගස්ටින් ප්‍රනාන්දු  /හලාවත