ඉන්දියාවේ නියගයෙන් පීඩා විදින්නන්ගෙන් IPL තරගාවලියට චෝදනා

0
230

15117701599_2efe94c021_k-800x450

ක්‍රිකට් කියන්නේ ඉන්දියවේ ආගමක් විදියට සලකන දෙයක්.ඒ නිසාම IPL තරගාවලියට ඉන්දීය ජනතාවගෙන් ලැබෙන්නේ විශාල පිලිගැනීමක්.IPL කියන්නේ ලෝකේ වැඩිම පිරිසක් සහභාගී වන ක්‍රිකට් ලීග් තරගාවලිය ඒ වගේම සෑම ක්‍රීඩාවකින්ම පවත්වන ලීග් තරගාවලි අතරින් 6වෙනි තැන හිමි කරගෙන තියෙන්නෙත් IPL තරගාවලිය.ඒ නිසාම මේ තරගාවලිය සංවිධානය කරන්න අති විශාල මුදල් සම්භාරයක් වියදම් වෙනවා.ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තමයි මෙම තරගාවලිය සංවිධානය කරන්නේ.ඉන්දියාව පුරා පවතින ක්‍රිකට් ක්‍රීඩාංගන වල මේ තරග පැවැත්වෙනවා.ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මේ තරග පැවැත්වීමේදී එක් ක්‍රීඩාංගනයක් නඩත්තු කිරීම සදහා පමණක් වතුර ලීටර ලක්ෂ 3ක් වැය වන බව පැවසෙනවා.

එම නිසා මෙහිදී මතුවන ප්‍රශ්ණය වෙන්නේ IPL තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන කිහිපයක්ම පිහිටා ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය මේ වන විට දරුණු නියගයකින් පීඩා විදිමින් සිටීමයි.පසුගිය වසර කිහිපය පුරාම ලැබුන අඩු වර්ෂාපනයනිසා මේ වන විට සියළුම ගංගා පාහේ සිදී යන මට්ටමට පත්වෙලා.මේ වසරේදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලම්මාන 43000ක් නියගයට ගොදුරු වී ඇති බවත් වාර්ථා වෙනවාතපසුගිය වසරේ එම ප්‍රමාණය වුණේ 14708යි.

මේ හේතූන් නිසා රාජ්‍ය නොවන සංවිධාන දෙකක් බොම්බායේ අධිරණයට IPL තරගාවලියට විරුද්ධව පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.ඔවන් පවසන්නේ අප්‍රේල් හා මැයි මාසවල පැවැත්වෙන තරගාවලිය සදහා ක්‍රීඩාංගන සූදානම් කිරීමේදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙ ක්‍රීඩාංගන සදහා පමණක් ජලය ලීටර මිලියන 6ක් වැය වන බවයි. මේ පෙත්සම නිසා අධිකරණය විසින් අප්‍රේල් 30 වනදායින් පසුව කිසිදු තරගයක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ක්‍රිඩාංගන වල නොපවත්වන ලෙසට නිරයෝග කර තිබෙනවා.මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පවතින  ක්‍රීඩාංගන අතරට මුම්බායි,පුනේ හා නාග්පූර් ක්‍රීඩාංගනද ඇතුලත්.

නමුත් මෙම අධිකරණ තීන්දුවට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ක්‍රිකට් නායක දෝනි, හිටපු ඉන්දීය ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ් වැනි ක්‍රීඩකයන් පවසන්නේ තරග මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ඉවත් කිරීම නියගය සදහා විසදුමක් නොවන බවයි. එමෙන්ම සමාජ ජාලයන් හරහා අදහස් දක්වන ඇතැම් සාමාන්‍ය ජනතාව පවසන්නේ බිලියන ගණනින් ලාබ ලබන IPL තරගාවලියේ ලාභයෙන් යම් ප්‍රතිශතයක් නියගයෙන් පීඩා විදින ජනතාවට කටයුතු කිරීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ යුතුකමක් බවයිඑලෙසම ඇතැමුන් පවසන්නේ එක් දිය බිංදුවක් වෙනුවෙන් දුක් විදින ජනතාවක් ඉදිරියේ ක්‍රිකට් තරගයක් සදහා මේසා ජල ප්‍රමාණයක් නාස්ති කිරීම අපරාදයක් බවයි.

 

https://globalvoices.org ඇසුරිණි.