ඉන්දියාවේ ලැජ්ජාව සහ මීගමුවේ අපි….?

0
80

ඉන්දියාවේදී  පසුගියදා සමූහ දූෂනයට ලක්වූ වෛද්‍ය ශිෂ්‍යාව 29 වනදා

සිංගප්පූරුවේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියාය. මේ සිදුවීම ඉන්දියාවේ ජනතාව තුළ මහත්‍්

ආන්දෝලනයක් ඇතිකළ කණගාටුදායක සිදුවීමක් වූ අතර ඉන්දියානු ජනතාව මෙම සිද්ධිය
සම්බන්ධයෙන්  සිය විරෝධය පිටකිරීම පිණිස නව දිල්ලි නුවර   විරෝධතා – උද්ගෝෂණ පවත්වමින්
මහත් කලබැගෑනියක් ඇති කළේය.
උද්ඝෝෂකයන් පොලීසියට පවා පහර එල්ල කළ අතර එහිදී එක් පොලිස් නිලධාරියෙකු මිය ගියේය.
මෙම සිදුවීමෙන් පසු ඉන්දියාවේ ජනතාවගේ හෘද සාක්ෂිය කෙබදු ද යන්න  ඇතිවූ තත්ත්වයෙන්
සිතාගන්නට හැකි වු අතර එරට රජය පවා ඔවුන්ගේ කණගාටුව මෙන්ම මෙම සිදුවීම ප්‍රමාද නොවී
හෙළාදැකීම සිදුකකළේය.

සිංගප්පුරුවේ සිට දේහය  ඉන්දියාවට ගෙන ආ අවස්ථාවේ  ඇගේ දේහය බාරගන්නට  ඉන්දියාවේ
අග්‍රාමාත්‍යවරයා මෙන්ම විපක්ෂ නායිකාව ද ගුවන්තොටුපළට පැමිණ සිටියහ.

මේ සිදුවිම අරභයා ඉන්දියානු සමාජ හෘද සාක්ෂිය මහත් සේ කම්පනය පත්ව තිබුණි.සමාජයේ විවිධ ස්ථර නියෝජනය කළ කොටස් සිය විරෝධයන් සමාජය වෙත මුදා හැර තිබුනේ විවිධාරකාරයෙනි.

අදින් හරියටම වසර  5 ක ට එහා මීගමුවේදි සිදුවිමක් විය.

එනම් මීගමුව රෝහලෙන් බේත් ගැනිමට පැමිණි නිදහස් වෙළද කලාප යුවතියක් දූෂණයට ලක් කර රෝහලේ 6 වන මහලෙන් බිමට දමා ඝාතනය කර තිබිමයි.

එහෙත් මේ සිදුවිම අරභයා සමාජ හෘද සාක්ෂිය අවදි වුයේ නැත.

1.සුරුවම් වෙනුවන් මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කරන්නට සැදි පැහැදි  සිටි ඇතැම් කිතුණු පුජකයන් සහ ආගම් ලැදියන් මේ තරුණියගේ ඝාතනය ගැන මීක් ගෑවේ නැත.

2.නිදහස් වෙළද කලාප කම්කරුවන්ට පවා උද්ගෝෂණය කරන්නට ගැම්මක් ආවේ එක් දිනකට පමණි.ඒ සියල්ල පසුව හුලං බැස්සේය.

3.මාධ්‍ය පවා සිය වගකිම ඉටු කළේ් නැත.

4.මීගමුව රෝහලේ වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද ?අප දන්නා තරමින් ඒ අයට වැදගත් වුයේ සුදර්ශන බාලගේ  නම් වු සිමාවාසික වෛද්‍යවරයා මුහණ දෙන ප්‍රශ්ණ ගැන පමණක් ඔවුන් අවධානය යොමු කළේය.

5.චමිලා ඝාතන සිදුවිමට සම්බන්ධ යැයි සැක කරන තැනැත්තා කුරණ බෙහෙත් ශාලාවක් පටන් ගත් විට පල්ලියේ පියතුමාටත් මේ සියල්ල අමතකව ගොස් තිබුණි.කුරණ ජනතාව  මේ තැනැත්තාව ජිවකයෙකු ම විය.

ඉන්දියානු සමාජ හෘද සාක්ෂිය සහ මීගමුවේ ආත්මාර්ථකාමි බහුතරයකගේ හෘද සාක්ෂිය අතර පරතරය අආෙලා්ක වර්ෂ කීයක් පමණ වෙයිද.?

ඉතින් මේ කිසිදු අයෙක් හට චමිලා වැදගත් වුයේ නැත. ඒ ඇයි ?