ඉපැරණි ගී තැටි 6000 ක් සංරක්ෂනය කර ඇති සොඳුරු මිනිසෙක්

0
980

      ඉපැරණි ගීත තැටි හා එම ගීත හා චිත‍්‍රපට වලට පසුබිම්වූ සාහිත්‍ය ගොනුවක් තරුණ කාලයේ සිට සංරක්ෂණය කරගනිමින් වර්තමාන පරපුරට එහි අනගි පළ රසවිඳින්නට උදාකරමින් සිටින අපූරු කලාකරුවෙකු අපට හමුවුණා. ඔහු නමින් තිලක් චන්ද්‍රසේන වැලිකල. පැරණි සිංහල චිත‍්‍රපට ගීත තැටි, සිනමා සඟරා, චිත‍්‍රපට ගීත පොත් රාශියක එකතුවක් ඔහු සතුව තීබීම අපට ඔහු පිළිබඳ වර්ණනා කරන්නට ඇති එකම සාක්ෂියයි.

 තිලක් චන්ද්‍රසේන වැලිකල මහතා කලූබෝවිල ග‍්‍රාමයේ ඉපි ද කලූබෝවිල බුද්ධීගෝෂ විද්‍යාලයෙන් ප‍්‍රාථිමික අධයාපනය ලබා දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා පසුව රජයේ ලලිතකලා ආයතනයේ සෞන්දර්්‍ය පීඨයෙන් උසස් අධ්‍යාපනය හැදැරුවේය. පසුව වේයන්ගොඩ පේෂකර්ම සංස්ථාවේ චිත‍්‍ර ශිල්පියෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය තෝරාගත් ඔහු 1970 සිට 2002 දක්වා එහි සේවය කළේය. එමෙන්ම ඔහු බිතු කැටයම් හා ගෙවතු අලංකරණ ශිල්පියෙහි ද විශිෂ්ට දක්ෂතා වලින් හෙබි පුද්ගලයෙකි.

1940 දී තිරගත වූ කඩවුණ පොරොන්දුව චිත‍්‍රපටයේ සිට ‘ගීතා’ චිත‍්‍රපටය දක්වා චිත‍්‍රපට වල ගීත තැටි හා පැරණි හින්දි ගී තැටි, මෙන්ම වෙනත් ගීත ඇතුළුව 6000ක පමණ ගී තැටි එකතුවක් ඔහු ලඟ ඒකරාශි වී තිබෙයි.

පැරණි කලා නිර්මාණ වලට සිය කුඩා කාලයේ සිටම තිබූ නැමියාව පෙරදැරිව විනෝදාංශයක් ලෙසත් මේ එකතුව සිය ජීවිතයේ ඉදිරියටම පවත්වාගෙන ඒම හේතුකොට අද ඔහු අප ඉදිරියේ ඉතා සුවිශේෂී පුද්ගලයෙකු වී සිටිනවා. වෘත්තියෙන් චිත‍්‍ර ශිල්පියෙක් වන තිලක් වැලිකල ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායකයෙකු ලෙසත් වැඩසටහන් රාශියකට සහභාගි වූ නිර්මාණ ශිල්පියෙක්. ඔහු එකතු කළ එම පැරණි චිත‍්‍රපට ගී තැටි ගුවන් විදුලි වැඩසටහන් සඳහා දායක කිරීම ආරම්භ වූයේ 1980 දශකයේ සිටයි. එම වැඩසටහන් අතර ‘මතකයේ රැුඳුන ගී’, අතීතයෙන් ඇසෙන ගී’ , ‘අමරණීය ගී දැහැන’ ‘එදා ඔබ දුටු චිත‍්‍රපට ගී වනවා’ මේ වන විට ඔහු ශී‍්‍ර ලංකා රන්ගිරි – දඹුළු ගුවන් විදුලි සේවයේ ‘අමරණීය මතක සුවද’ වැඩසටහනේ වැඩසටහන් සම්පාදකවරයායි. සිය බිරිඳ, දරු දෙදෙනා සමඟ මීගමුවේ පදිංචි ඔහු මේ වන විට 60 වන වියෙහි පසුවනවා.

පැරණි ගීත කෙරෙහි ඔබේ ඇති නැමියාවට පසුබිම් වූ කාරණා ?

එ්කෙන් යම් ආදායමක් ලැබෙනවා. මගේ තාත්තා සංග්ීත පරපුරකින් පැවත එන කෙනෙක්. ඞී. ආර්. වැලිකල එයාගෙ නම. එයා මේ ගැමෆෝන් තැටි එකතු කළා. ඉස්සර අපේ ගෙදර මේ ග‍්‍රමෆෝන් තැටි ගොඩ ගහල තිබුණා. එ් කාලෙ එ්වා එච්චර ගනන් නෑ. රු. 4 යි 4. 50 යි. පොඩි කාළෙ ඉඳන් එ්වා දැකපු මටත් එ්වා එකතු කරන්න, ආරක්ෂා කරන්න ආසාවක් ඇති වුණා. මම ඉතිං පස්සෙ එ්ක වැඩි දියුණු කරගෙන ආවා. එ් අතර තුර තමයි මට රංජිත් සිල්වා මහතා හමුවුණේ. එයා මට කිව්වා දැන් පැරණි ගිත ගුවන් විදුලියෙත් නෑ, එ්වා අහන්න විදිහකුත් නැහැ, තැටි ගබඩාවෙ තියෙන ඒවත් කැඩිලා විනාශ වෙලා, ඉරි තැලිලා හින්ද අපි පෞද්ගලික තැටි ගබඩාවක් පටන් ගනිමු කියලා. පස්සෙ තැටි ගබඩා එයයි මායි දෙන්නම පටන් ගත්තා.

අද මං ගාව තියෙනවා 1947 තිරගත වුන අපේ මුල්ම චිත‍්‍රපටය කඩවුණ පොරොන්දුවෙ ඉඳන් 1970 දක්වා චිත‍්‍රපට ගීත. ගැම ෆෝන් තැටි නිකුත් වුණේ 1970 දශකයේ ඒ ගීත ජදකකැජඑසදබ එක මං ගාව තියෙනවා. එක ග‍්‍රැම ෆෝන් තැටියක ඇතුළත් වුණේ ගීත දෙකයි. මිල්ටන් මල්ලව ආරච්චි තමයි ග‍්‍රැම ෆෝන් යුගය අවසන් කළ ගායකයා. ඒ ගීත මං ගාව තියෙනවා. එ් වගේම මිල්ටන් මල්ලව ආරච්චි තමයි කැසට් යුගයත් ආරම්භ කළේ.

මම ගුවන් විදුලියේ මතකයේ රැුඳුන ගී, අතීතයෙන් ඇසෙන ගී, අමරණීය ගී දැහැන, එදා ඔබ දුටු චිත‍්‍රපට ගී කියන වැඩටහන් වලට තැටි සැපයුවා. පස්සෙ මේ මෑතකදී මාස 6 කට විතර කළින් ඉනාම`ඵවේ සුමංගල හාමුදුරුවන්ගෙන් ආරාධනයක් ලැබුණා, දඹුල්ලෙ රන්ගිරි ශ‍්‍රී ලංකා ගුවන් විදුලියක් පටන් ගන්නවා. එහි මෙම පැරණි ගී වැඩසටහනක් කරන්න කියලා.

 ඔබ එකතු කළ මේ පැරණී ගී, ඒ පිලිබඳ පොත්, සඟරා රසිකයන්ට අසන්නට දකින්නට ලැබුණේ කොහොම ද?

මම 1980 දශකයේ තමයි මුලින්ම මේවා මාධ්‍යයට දුන්නේ. එ් දවස් වල ගුවන් විදුලියේ මතකයේ රැුඳුන ගී වැඩසටහන ආරම්භ කළා. ගොඩක් පැරණි ගී එ් අයට හොයාගන්න බැරිව හිටියේ. රුක්මණී දේවී, එඞී ජයමාන්න, ධර්මදාස වල්පොල, ලතා වල්පොල, ජි. එස්. පී. රානි වගේ අයගේ පැරණිම ගිත. එ් ගීත මං ගාව තිබුණා. පස්සෙ මම එ් ගීත වැඩසටහන කරන්න ගුවන් විදුලියට දුන්නා. මම ම ඒ ගීත ගුවන් විදුලියට අරන් ගිහිල්ලා වැඩසටහනින් පස්සෙ ආයේ ගේනවා. රංජිත් සිල්වයි මමයි තමයි එ් වැඩ සටහන කළේ. පස්සෙ නැවත මට රංජිත් එදිරිසිංහ මහත්තයා කතා කලා අතීතයෙන් ඇසෙන ගී සහ අමරනීය ගී දැහැන කියන වැඩ සටහන් වලට සම්බන්ධ වෙන්න. එ්කටත් මම සම්බන්ධ වුණා. තවමත් ගුවන් විදුලි සංස්ථාවේ මේ වාදන යන්ත‍්‍ර තියෙනවා. එ්ත් අලූත් ත්‍ඵ නාලිකා වල මේවා නෑ. මම දැන් සම්බන්ධ වෙලා ඉන්න රන්ගිරි ශ‍්‍රී ලංකා ගුවන් විදුලියේ කරන අමරණීය මතක සුවඳ කියන වැඩසටහනේ මේ පැරණි ග‍්‍රැමෆෝන් ගීත ක්‍ෘ වලට ගහල තමයි වාදනය කරන්නෙ. මේ වැඩ සටහන පටන් අරන් දැන් මාස 6 ක් විතර වෙනවා.

මේ වැඩ සටහනට විශාල ප‍්‍රතිචාර ලැබෙනවා. ගුරුවරුන්ගෙන්, නීතිඥයින්ගෙන්, වෛiවරුන්ගෙන්, ස්වාමින් වහන්සෙලාගෙන් විශාල ලෙස ලිපි, දුරකථන ඇමතුම් ලැබෙනවා මේ වැඩසටහන දිගටම කරන්න කියලා. අද ලංකාවෙ නැති වෙලා යන මේ පැරණි ගී අපි ආරක්ෂා කරන නිසා මේක විශාල සේවයක් කියා අපිව දිරිමත් කරලා ලිපි එවනවා.

ඔබ එකතු කළ මෙම නිර්මාණ මෙතනින් එහාට සංරක්ෂණය කිරීම පිළිබඳව

සිතා තිබෙනවා ද?

අද ග‍්‍රැමෆෝන් තැටි කපන්නෙ නෑ. තාක්ෂණය දියුණු නිසා මේවා නිශ්පාදනය වෙන්නෙ නෑ. මේ ගිත අහන්න නම් මේ ග‍්‍රැමෆෝන් යන්ත‍්‍රයෙ නීඞ්ල් එකක් තියෙනවා. ඒක කැඩුනොත් මේවා අහන්න බෑ. මේ තැටි ගොඩක් සියුම්. බිම වැටුනොත් කැඩිලා යනවා. දැන් ඉන්න තරුණ ළමයි මේවා ගැන කිසි දෙයක් දන්නෙ නෑ. මේ ගීත ආරක්ෂා කරන්න අවශ්‍ය නම් මේවා ක්‍ෘ තාක්ෂණයට ඇතුළත් කරන්න  ඕනා. අපි දැන් එහෙම කරගෙන යනවා. මේ ගීත අදකාලෙ ගීත වගේ නෙමෙයි. ගොඩාක් අර්ථවත් ගීත. ග‍්‍රැමෆෝන් තැටියකින් ගීත ක්‍ෘ තැටියකට ඇතුලත් කරන්න ගොඩාක් පරිශ‍්‍රමයක් ගන්න  ඕනා. දැනට මා ගාව තියෙන ග‍්‍රැම ෆෝන් ගීත 6000 ක් 400 ක් පමණ කරලා තියෙනවා. හින්දි, සිංහල, චිත‍්‍රපට ගී. චිත‍්‍රපට නොවන ගී ඇතුලත් තැටි තියෙනවා. මුල් යුගයේ හින්දි ගීත (40, 50* දශකවල චිත‍්‍රපට ගීත තියෙනවා. 70 දශකයේ එ්වත් තියෙනවා. සිය`ඵම ගීත ජදකකැජඑසදබ එක 6000 ක්.

පැරණි ගීත වලට අමතරව ගුවන් විදුලියට හා දෘෂ්‍ය මාධ්‍ය වලට ඔබ සම්බන්ධයි …

මම ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ සරළ ගී ගායකයෙක්. ලලිත් පොන්නම්පෙරුම, රොම්ලස් ප‍්‍රනාන්දු මගේ සමකාලිනයෝ. මම නාට්‍ය වලටත් සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරයෙකු විදිහටත් රංගන ශිල්පියෙකු විදිහටත් කටයුතු කරලා තියෙනවා.

ජාතික රූපවාහිනියේ ‘ ඉසුරු පවුර’ ටෙලි නාට්‍යයේ සහය කලා අධ්‍යක්ෂ ලෙසත් ‘සිහිල් සෙවන’, ‘ගිණිගත් තරු’ වැනි ටෙලි නාට්‍යයත් කළා.

 මේ නිර්මාණ වැඩකටයුතු වලදී ඔබේ පවුලේ අයට හිමිවන්නේ කෙබඳු තැනක් ද?

මේ කලා කටයුතු වලට මට විශාල සහයෝගයක් දෙන්නෙ මගේ නෝනා ඉන්දිකා චන්ද්‍රලේකා. එයා මීගමුවේ. මම මුලින්ම මීගමුවට ඇල්මක් ඇතිවුණේ මීගමුව කළා පුරවරයක් නිසයි. මම විවාහ වුනේ 1972 දී. මට දරුවෝ දෙන්නයි. දුව සුපිපි දර්ශනී වැලිකල, පුතා සංතුෂ් වැලිකල. දුව ගුරුවරියක්. පුතා චිත‍්‍ර ශිල්පියෙක්. එයත් සංගීත කණ්ඩායමක ඉන්නවා. ං පැක් කියලා. ඒ අයගේ තාක්ෂණ ක‍්‍රමවේ ද වෙනස් වුණාට අපි කැමති දේ එයාලත් අගේ කරනවා. ඒ අයත් මේ පැරණි ගීත වලට ගොඩාක් කැමතියි.

ඔබේ කලා කටයුතු වලට අදාළව මීගමුවේ අත්දැකීම් කොහොම ද ?

මම මීගමුවට ඇවිත් හියුගෝ මාස්ටර්, පිටිපන සිල්වා, එඩි යාපා, බොනිපස් ප‍්‍රනාන්දු, වගේ අය ආශ‍්‍රය කරන්න ලැබුණා. එ් අය කොළඹ හිටියත් මා කලාවට සම්බන්ධ නිසා මාත් එක්ක සම්බන්ධකම් තියෙනවා.

මීගමුවෙ රුක්මනී දේවි කෟතුකාගාරයට ලියකියවිලි, ගීත තැටි, සහ පොත් පත් පරිත්‍යාගය කරල තියෙනවා. මහජන ප‍්‍රදර්ශනය සඳහ තියෙන මේ වගේ ස්ථාන වලට මේවා පරිත්‍යාගය කරන එක අපේ යුතුකමක්නෙ. මම රුක්මනී දේවි අනුස්මරන සංගමයේ සමාජිකටෙයක් වගේම රුක්මනී දේවි ගී රසික සංගමයේ ප‍්‍රධාන ලේකම් විදිහටත් කටයුතු කළා. දැනට ගම්පහ බොධු ගීත රසික සංසදයේ ප‍්‍රචාරක නිලධාරී ලෙසත් කටයුතු කරනවා.

මීගමුව කලා පුරයක් වුණත් අද කලා කටයුතු නෑ. ඉන්න අයත් ඉතාලියට පැනගෙන නැත්නම් වෙන වෙන වැඩ. ඉතින් අපි හිතුවා තරුණ පරම්පරාව වෙනුවෙන් යම් දෙයක් කළ යුතුයි කියලා.

තිලක් වැලිකල මහතාගේ ලිපිනය –

නො 215.

ජෝන් වෙස්ලි මාවත/ දළුපොත / මීගමුව.

031-2226174