ඉරණවිල සමිඳුගම දී අතුරුදහන්වූ දරුවාගේ මළසිරුර හමුවේ. අපයෝජනය ලක් වී දැයි සැකයක් ?

0
153

a boyඅදට  දින දෙකකට කලින් සිය නිවසින් අතුරුදහන්ව සිටි දස වන වියේ පසුවන පිරිමි දරුවෙකු අභිරහස් ලෙසින්  මි්ය ගොස් සිටියදී එම සිරුර නිවස කිටිටුව කඩොලාන පදුරු අතර තිබි   අද (27 දා)  උදේ හමු වී තිඛේ.
මෙසේ මිය ගොස් ඇත්තේ හලාවත ඉරණවිල සමීඳුගම විසු ජුවන් පේඩිගේ සුසිත් නිර්මාල්
(10 )නමැති පාසල් සිසුවෙකි. එම සිසුවා ඉරණවිල රජයේ විදුහලේ හය වන වසරේ අධ්‍යාපනය ලබයි.
මෙම දරුවා සිය නිවසේ තබා ඔහුගේ පවුලේ අය පසුගිය ඉරිදා ( 25 දා ) උදේ දෙවිමැදුරේ දිව්‍ය පුජාවට ගොස් ඇති අතර පසුව පැමිණ බලන අවස්ථාවෙි දි දරුවා නිවසේ නොසිටි අතර ඔහු අතුරුදහන්ව ඇති  බව ඔහුගේ පවුලේ අය දැන ගෙන ඇත. පසුව මුඵ ගම පුරාම ගොස් සොයා බැලුවත් දරුවා පිලිබඳව කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වු නිසා ඔවුන් එදින රාත්‍රි හලාවත පොලිසියට පැමිණ දරුවාගේ අතුරුදහන් වීම පිලිබඳව පැමිණිල්ලක් කර තිබුණි.
එතැන් සිටි දරුවා පිලිබඳව ප්‍රදේශවාසින් හා හලාවත පොලිසිය තොරතුරු සොයා බලා ඇතත් දරුවා හමුවි නොමැති බවත් කියයි.
ඒ අතර දරුවා විසු නිවස අසල නිවසක ඇති සිසිටිවි දර්ශණ අනුව දරුවා
තවත් පිරිමියෙකු සමග ගමන් කරණු දැක ඇති අතර ඒ අනුව ඊයේ ( 27 දා ) අඵයම් කාලයේ පටන් පොලිසිය හා අසල්වාසින් ගම පුරා සෙවීමි සිදු කරන ලදී.
පසුව ඉරණවිල කලපුව අසල කඩොලාන පදුරු අතර වැටි මිය ගොස් සිටි දරුවාගේ සිරුර හමුවි තිඛේ. එම දරුවා ගේ උඩුකයට ඇඳුමක් පමණක් තිබු අතර යට ඇඳුම් සිරුරේ තිබි නැති බවත් පොලිසිය කියයි. ඒ අනුව කිසියම් අයෙකු දරුවා අපයෝජනය කර ඝාතනය කර ඇති බවට සැකයක් ඇති  බවත් පොලිසිය සැක පළ පළ කරයි.
මෙම දරුවා අන්තිම වරට ගමන් කර ඇති පුද්ගලයා පිටස්තරයෙකු වන බවත් ඔහු මෙම ගමේ පොල් කැඩිමට විටින් එන අතර ඒ පැමිනි අවස්තාවල දී මෙම දරුවා ඔහු සමඟ යන එන බව ප්‍රදේශවාසින් දැක ඇති බවට ද තොරතුරු තිඛේ.
හලාවත පොලිස් අධිකාරි සුරමිජිත් කුමාරපේලි සහකාර පොලිස් අධිකාරි කීර්ති බන්ඩාර වැඩබලන මුලස්ථාන පොලිස් පරීක්ෂක කුමාරසිංහ සහ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රපායුඩීන් යන මහත්වරුන් ඇතුඵ නිලධාරින් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.


ඔගස්ටින් ප්‍රනාන්දු –  හලාවත