ඉස්තාන්බූල් නැවතත් උණුසුම් වෙයි

0
115

2013 වසරේ දී ඉස්තාන්බූල් නගරයේ   ‘ගේසි පාර්ක්’ නම් උද්‍යානය සම්බන්ධයෙන් රජය සහ මහජනතාව අතර ඇතිවූ ගැටුම දුරදිග ගොස්  විශාල විරෝධතාවයක් ගොනුවන්නට තරම් තත්වයක්  එහි උදාවිය. එහිදී සිදුකළ පොලිස් ප්‍රහාර වලින් පුද්ගලයන් කිහිපදෙනෙකු  මියගිය අතර දහසකට පමණ තුවාල සිදුවිය.
තුර්කි රජය විසින් ගේසි උද්‍යානය ආශ්‍රිතව සිදුකරන්නට ගිය සංවර්ධන කටයුත්තක් නිසා මෙම විරෝධය ඇවිලුණ අතර පසුව පොලීසියේ දැඩි මර්ධනයත් සමග මෙම අරගලය තවත් උණුසුම් විය. රජය  ජනතාව ගේ  ප්‍රජාතන්ත්‍රවාදය ට එල්ල කළ ප්‍රහාරයකට මතුවූ  ප්‍රතිවිරෝධතාවයේ දිගුවක් බවට  මෙම විරෝධය පත්විය. ජනතාව දහස් ගණන් විදි බැස මෙම උද්‍යානයේ  සිටගෙන සිටිමින්  තමන්ගේ නිදහස් විරෝධය රජය වෙත දක්වන්නට තරම් තුර්කි ජනතාව නිර්භීත විය.
පසුගිය සෙනසුරාදා ඉස්තාන්බූල් නගරයට නැවතත්  ජනතාව 25000ක් පමණ රැස්වූයේ ගිය වසරේ එම ස්ථානයේදී ඇවිලුන විරෝධතා සමරන්නටය. මෙහිදී ද පොලීසිය විසින් නොපැකිලිව විරෝධතාකරුවන්ට පහරදී , කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
_75223937_75223936

_75224272_75224271

_75223933_75223932

_75222545_022485833-1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here