ඉස්සර මෙතන බස් හෝල්ට් එකක් තිබුණා ? දැන් එතන වතුර වලක්

0
85

කොළඹ -හලාවත පාරේ සිට පැමිණ කොප්පරා හන්දියෙන් මීගමුව බස්නැවතුමට හරවා බසය නවත්වන තැන බස් හෝල්ට් එකක් තිබුණි. දැනට අවුරුද්දක පමණ කාලයක සිට එම බස් හෝල්ට් එක  එතනින් ඉවත් කර ඇත. මෙයට වගකිවයුත්තේ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විය යුතුය. පසුගිය කාලයේ මීගමුව නගරාධිපතිවරයා ජපානයේ සංචාරයක යෙදුණේ  එම රටේ සංවර්ධන හා නගර සැලසුම් පිළිබඳව  දැන කියාගෙන එන්නටය. ඒ රටවල් වලත් මේ වගේ මාස ගණන් බස්හෝල්ට් අතුරුදහන් කරනවා ද ?  මිනිසුන් තෙමී තෙමී බස් එකට සිටිනවා ද? නගරයේ පිළිවෙල ගැන නගරාධිපතිවරාට ද වගකිමක් තිබේ. එබැවින් ඔබගේ අවධානය යොමුකර නගරයේ මේ ආකාරයට ගැලවී ඇති තවත් දේවල් ඇති නම් සොයා බලා ඉක්මණින් විසඳුමක් දෙන්න
නන

ඡායා සහ සටහන   – එම්.  ඊසාක් නිම්ෂාඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here