ඉහල නිළධාරිණියකට කුණු හරුපෙන් බැන්න දේශපාලකයා ගැන මුළු නගරය සභාවම නිහඩයි ?ලැජ්ජයි!

0
89

NMC1මීගමුව මහනග නගර සභාවේ ඉහලම නිළධාරිණිකට පසුගිය දින මීගමුව මහනගර සභාවේ නියොජ්‍ය නගරාධිපති දායන් ලංසා සිය කාමරයට ගෙන්වා කුණ හරුප කියා බැන වැදිම නිසා ඇගේ අධික රුධිර පිඩන තත්වයද වැඩිවිම නිසා රෝහල් ගතව තිබුණි.
පරිපාලන සේවයේ ඉහල තනතුරක් දරන ඇය හට බැන වැදි ඇත්තෙ අඩුම තරමින් අපොස සා/පෙල වත් සමත් නැති නගරයේ සම්පත් කොල්ලකෑම ගැන කප් ගසා සිටින නරුම දේශපාලකයෙකි.
වෙනත් නගරයක මෙවැන්නක් සිදුවුනා නම් එය අදට රටටම පුවතකි(.එහෙත් අවසනාවකට එය රටට කියන්නට මීගමුවේ ප්‍රදේශිය මාධ්‍යකරුවෝද අසමත්ය.)
එකි ආයතනයේ සේවකයෝ පාරට බැස විරෝධතා දක්වති.
මීට පෙර අවස්තාවක නගර සභාවේ සේවකයෙකුට පිටස්තර පුද්ගලයෙකු පහර දිම ගැන එහි සේවකයෝ උද්ඝෝෂණයක්ද කළහ.
එහෙත් මීගමුව මහනගර සභාවේ අතිබහුතරයක් දෙනා මේ ගැන නිහඩය. ඊට හේතුව ඒ අයද මේ දේශපාලකයන්ගෙන් විවිධ වරදාන ලබා නිහඩව සිටිම නිසාය.
මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයාගෙන් අප විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ තමන් ඒ ගැන නගරාධිපතිවරයා පැමිණිලි කළ බවත්  පළාත් පාලන නිතිය අනුව නගරාධිපතිවරයා විධායකයේ ප්‍රධානයා  හැටියට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු බවය.