ඊශ්‍රායලයේ වීසා නැතිව ඉන්න ලාංකිකයන්ට වීසා ලබාගන්න අවස්ථාවක් උදාවෙයි…

0
306

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම සඳහා කටයුතු කිරීමට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තීරණය කර ඇතැයි ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඒ අනුව එලෙස රැඳී සිටින අයගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් ඊයේ දිනයේ(24දා) පැවැත්වුන බව වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය..

අද දිනයේ (25දා) ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන බව තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඊයේ (24දා) දිනයේ දී විශාල පිරිසක් තානාපති කාර්යාලය වෙත පැමිණ තිබුණි.

ඊශ්‍රායල ආගමන විගමන අංශයේ ඉහළ නිලධාරීන් තිදෙනෙක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ වීසා නොමැතිව සිටින සාත්තු සේවක සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා බලපත්‍ර ලබාදෙන ලෙස ආගමන විගමන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසු බව ada.lk වෙබ් අඩවිය සඳහන් කර ඇත.

විසා අවසන් වීමෙන් පසුවත් ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා බලපත්‍ර අලුත් කරන ලෙස ද ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු ඉල්ලා සිටි බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම වීසා බලපත්‍රය දීර්ඝ කිරීමෙන් පසු, එම ශ්‍රී ලාංකිකයන් සඳහා කෘෂිකර්ම අංශයේ රැකියා අවස්ථා ලබා දීමටද අධ්‍යක්ෂ ජනරාල්වරයා එකඟ වූ බව තානාපතිවරයා පවසා තිබුණි.