ඊශ්‍රායෙල් යවනවා කියා මුදල් ගසා කෑ අයෙකුට එරෙහිව බරපතල චෝදනා රැසක් !

0
140

NIshantha 2මීගමුව  යහපත්  මිනිසුන්ගේ  යහපත් වැඩ  නිසාත්,  අයහපත්  මිනිසුන්ගේ  අයහපත්  වැඩ  නිසාත්  ප්‍රසිද්ධියට  පත්වී  ඇති  නගරයකි.
මේ  නගරය   බුද්ධිමතුන්,  කලාකරුවන්,  සමාජසේවකයින්,  මානවහිතවාදීන්  විශාල  පිරිසකගේ   දායකත්වය  මත  ඓතිහාසික  වටිනාකමක්  ගොඩනගාගෙන  ඇති නමුත්  කිරිවීදුරුවට  ගොම  බිඳුවක්  වැටුනාසේ  ඒ සියල්ල  එක  පැහැර  විනාශකර  දූෂණයට  ලක්කරන  පිරිස්ද  වරින්වර   මතුවන  බව  මෙහි  ඉතිහාසය  තුළ   පැහැදිළි  වන  සත්‍යයකි.nishantha 1

එසේ  මතුවී  මීගමුවට  කළු පැල්ලමක්  එකතු  කළ  තවත්  එක්  චරිතයක්  ගැන  තොරතුරක්  ලැබී  ඇත. ඒ  මීගමුව  පොලිස්  අධිකාරි  කාර්්‍යාලයට  පැමිණි  දිළිනි  නම්වූ  මින්  අසාධාරණයට  ලක්වූ    කෙනෙකු  ඉදිරිපත්කළ  තොරතුරකට  අනුවය.
ඉහතකී  වංචාකාරී   පුද්ගලයා  මීගමුව  පරාක්‍රම  පාරේ  පදිංචි  කරුවෙකි.  මේ   අනුව  ඊශ්‍රායෙල්  යවන  බව  කියා   මෙම  පුද්ගලයා  200 කගෙන්  පමණ  මුදල්  ලබාගෙන  ඇති  අතර  එසේ  රැගෙන  ඇත්තේ  සෑම  අයෙකුගෙන්ම  ලක්ෂ  7, 8, 10 වැනි  ප්‍රමාණයන්ගෙන්ය.
එසේම  මොහු  මුදල්  එකතුකර  ඇත්තේ  ගෝනියකටය.
මෙසේ  අයතා  ලෙස  එකතුකර ගත්  මුදල් සම්භාරය  නිසා  නීතියෙන්  ගැලවී  සිටීමටද  මොහුට  හැකියාවක්  ලැබෙතැයි   අසාධාරණයට   ලක්වූ  අයගේ   විශ්වාසය  බවද  දිළිනි  මහත්මිය    ප්‍රකාශකරයි.
තම  ජාවාරම  ගැන  විශ්වාසය  ජනතාව  තුළ  ඇති කිරීම  උදෙසා  යම් පිරිසක්  විදේශ ගත කිරීමට  ඔහුට  හැකිවී  ඇත.  දෙවනුව  මුදල්  ගත්  අයව  වංචාවට  හසු කරගැනීමට  එසේ  විදේශ ගතවුවන්ගේ  ප්‍රතිචාරද  යොදා  ගන්නාබව  මොහුට  එරෙහිව  පවතින  තවත්  චෝදනාවකි.
මෙය  බරපතල  වංචාවකි.  ඒනිසා  අප  ආරක්ෂක  අංශ වලින්  ඉල්ලා  සිටින්නේ  වහාම  මේ  සඳහා  පියවරක්  ගෙන  මේ  අසාධාරණයට  ලක්වී  ඇති  සියළුදෙනාට  සාධාරණයක්  ඉටුකරදෙන  ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here