උණ සහිත රෝගීන් කලක සිට බ්‍රැන්ඩික්ස්හි සිටි බව හෙළිවේ !

0
152

Image44මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ කීප දෙනකුට ඉකුත් සැප්තැම්බර් මස 20 වැනිදා සිටම උණත් සමග ශ්වසන ආබාධ තත්ත්වයන් පැවැති බවට අනාවරණය වී ඇති අතර එම ආයතනයේදී වයිරසය ආසාදනය වූ පළමු කාන්තාව ගම්පහ රෝහලේදී හඳුනාගත් කාන්තාව නොවන බවද වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන බව අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

මෙම කාන්තාවට රෝග ලක්ෂණ පහළ වෙන්නේ සැප්තැම්බර් මාසයේ 28 වැනිදා විතර.ඇය ගම්පහ මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට යන්නේ සැප්තැම්බර් මාසයේ 30 වැනිදා විතර. ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගේ තොරතුරු ලබා ගනිද්දී අපි දැක්කා සැප්තැම්බර් මාසයේ 20 වැනිදා සිට නොයෙක් අයට උණත් සමග ශ්වසන රෝග ආබාධ පැවැති බව යැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර බවසා තිබුණි

මේසා විශාල ආසාදිතයන් පිරිසක් දින 2 කක් තුල මතුවිම මගින් කාහටත් පෙනි ගිය මුලික කරුණක් වි තිබුනේ බ්‍රැන්ඩික්ස් ආයතනය තුල මේ වෛරසය පැතිර යමින් තිබුණ බවය.
මේ අතර බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරිය පවසා තිබුනේ ඒ  වැඩිදෙනෙකුට රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබුනේ නැති බවය.
කෙසේ වෙතත් අදාල ආයතනයේ සෞඛ්‍ය බලධාරින් මේ පිළිබදව සිය සැලකිල්ල ප්‍රමාණවත් ලෙස යොමු කර තිබුනේද යන ගැටළු තවදුරටත් පවති