උත්සව අත්තිකාරම් නැති මීගමු සේවකයෝ ගැන සවාරි ගිය මන්ත්‍රිවරියන් කියන්නේ කුමක්ද ?

0
363

MC mps 2සෑම වසරකම උත්සව අත්තිකාරම් වෙනුවෙන් රු 10000 ක් ලැබු මිගමු මහනගර සභා සේවකයන් හට මෙවර එය අහිමි කර තිබේ.ඒ මහනගර සභාවට මුදල් නැති නිසා විය යුතුය.
අප මිට කලින් අවස්ථා ගණනාවකදිම හෙළිදරව් කළ පරිදි මිගමු මහනගර සභාවේ මුදල් ඉවක් බවක් නැතිව නගරාධිපති දායන් ලංසා විසින් සිය සහෝදරයාගේ මැතිවරණ මනාප සටනට  වැය කර තිබුන අතර විපක්ෂයේ බහුතරයක් මන්ත්‍රිවරුන් ඒවා ගැන මික් කිවේ නැත.
මේ සියල්ලේ ප්‍රතිපල ලෙසින් මිට පෙර සේවකයන් හට ලැබුන උත්සව අත්තිකාරම් මෙවර නැත.කාන්තා මන්ත්‍රිවරියෝකාන්තා මන්ත්‍රිවරිය
තතු එසේව තිබියදි රටේ බලධාරින් විසින් විනෝද චාරිකා යාමෙන් වැලකි සිටින ලෙස  දිනපතා පැහැදැලි කරමින් තිබුණද නගරාධිපතිවරයා නාගරික මන්ත්‍රිවරියන් 7 දෙනෙකු සමගින් දින තුනක සුපිරි සවාරියක නියැලි තිබුණි.
මේ ගමනට එක්ව සිටි ඇතැම් නාගරික මන්ත්‍රිවරියන් පවා පවසා තිබුනේ ඔවුන් එසේ සවාරියක නිරතව සිටියදි මහනගර සභාවේ කම්කරුවන්ට මෙවර උත්සව අත්තිකාරම් නොලැබිම ගැන සැබැවින් කණගාටු වන බවය.
කෙසේ වෙතත් නගර සභා සේවකයන් පවා මේ සුපිරි සවාරිය ගැන කථා කලේ ආවේගයෙනි.
රැකියා අහිමි වේයැයි බිය නිසා ඒ ආවේගයන් ප්‍රසිද්ධ නොකළ ද ඔවුන් කියා සිටියේ රු 10000 මුදලින් ඔවුන් මෙවර නත්තලට සැලසුම් කරගෙන සිටි දේවල් කිරිමට දැන් මුදල් වෙනමම සොයන්නට සිදුව ඇති බවය