උත්සව සමයේ හොරකම් වැඩිවෙලා.

0
148

විශේෂයන්ම මිගමුව හා අවට ප්‍රදේශවල හොරකම් වැඩිවිමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි පොලිස් ුආරංචි මාර්ග සදහන් කරයි.මෙහිදි උත්සව සමයේ නෑ ගමන් හෝ වෙනත් කටයුතු සදහා නිවසින් බැහැරව යන්නේ නම් වටිනා කිසිවක් නිවසේ දමා නොයන ලෙස ද පොලිසිය අවධාරණය කර  සිටින අතර කව්රුන්ම හෝ නිවෙසේ නතර කර තබා යාම දැනට ඇති වඩාත්ම ආරක්ෂාකාරි පියවර ලෙසින් පවසා සිටිති.

සීදුව පොලිස් වසමට අයත් නිවසක නිවැසියන් ඉන් පිටව ගොස් ගෙවුනේ එක් රාත්‍රියක් පමණි.ඉතා ආරක්ෂිත සේ සියළු දොර ජනෙල් නිමවා තිබුන මේ නිවසේ ජර්මන් ෂේපර්ඩ් වර්ගයේ  ලොකු බල්ලෙකුද වෙයි. ඌට හොරෙන් කිසිවෙකුටත් ඒ පාරේවත් ගමන් කළ නොහැක.මේ නිසාම නිවැසියන්ගේ සිත්තුල වුයේ මේ බල්ලා තමන් නැති නිවසට කදිම ආරක්ෂකයෙකු විය හැකි බවය.

එහෙත් තම සොරකම ඉතා ෂුක්ෂම අයුරින් සැලසුම්කර තිබු සොරුන්ගේ පළමු ප්‍රහාරය ඉල්ලකර තිබුනේ මේ වස බල්ලාටය. කිසියම් දෙයක් කලවම් කෙරුන බත් එකක් පළමුව බල්ලාට දි තිබු බැව් නිරික්ෂනය කල හැකි වු අතර ඉන් පසු බල්ලා නිහඩ වි ඇත.

මෙු නිදහසින් ප්‍රයෝජන ගත් සොරුන් පිටුපස පැත්තේ ජනෙල්යක් කඩා එහි ග්‍රිල් ද ගලවා දමා නිවසට ඇතුළු වි වටිනා දේවල් රැසක් ගෙන ගොස් තිබුණි.

පසුදින එහි පැමිණි පොලිස් නිළධාරින්ද මවිතවට පත්වුයේ මේ තරම් සැර බල්ලෙකුගෙන් බේරි මේ සොරකම කෙසේ සිදුකෙරුනේදැයි විමතිය පළ කරමිනි.

මේ පසුගිය දිනවල සිදුවු එක් හොරකමක් ගැන දළ විස්තරයක් පමණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here