උතුම් පැතුම් !

0
65

10525671_754371877938881_7750620529331719914_nඉතාලියේ බ්‍රෙශියා නුවර පාසැලක ඉගෙනුම ලබන ලා0කික දියණියක් පසුගියදා උතුම් කටයුත්තක නිරත වුවාය,ඒ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග නම් අපූරු කියමන සනාථ කරමින් තමයි මේ කටයුත්ත සිදු වුනේ මේ දියණිය ඉතාලියේ බ්‍රෙශියා නුවර උපත ලබා දැනටත් එහි ඉගෙන ගනිමින් ඉන්නා ල0කාවේ බටහිර නයිනමඩම ප්‍රදේශයේ පදි0චි 12 හැවිරිදි වර්ණකුලසූරිය සඳලි කුරේරාය. මේ දියණිය තමන් ඉගෙනුම ලබන ඒ ඉතාලි පාසැලේ වසරේ දක්ශතම සිසුවිය ලෙස සම්මාන හා මුදල් ත්‍යාගයක් දිනා ගත්තේ පසුගිය ජුනි මාසයේය,ඇය හා ඇගේ පවුලේ අය පසුගියදා නිවාඩුවක් ගත කිරිමට ල0කාවට පැමිණි අවස්ථාවේ මේ දියණිය අපූරු ඉල්ලිමක් තම දෙමාපියන් වෙත ඉදිරිපත් කළාය.
එනම් තමන්ගේ දක්ශතාවට ලැබු ඒ මුදල් ත්‍යාගයෙන් ල0කාවේ පාසැලකට උදවු කිරිමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන්ය. මේ අනුව ප්‍රදේශයේ දිරියෙන් නැගි සිටින පාසැලක් වන නයිනමඩම සාන්ත මරියා ප්‍රථමීක විදුහලේ දු දරුවන්ට කලක සිට අවශ්‍යතාවක්ව පැවති ජායා පිටපත් යන්ත්‍රයක් ඇගේ ත්‍යාග මුදලින් පරිත්‍යාග කළාය. බටහිර රටක ඉපදි බටහිර රටක ඉගෙනුම ලබමින් ඉන්නා මෙවැනි දියණියකට තමන්ගේ මව්බිමේ අසරණ දරුවන් ගැන මෙවන් උතුම් වු සිතුවිලි පහළ වීම ගැන අපි කොයි තරම් අඩම්බර විය යුතුද  ?
ඡායා සහ සටහන  –  චන්දන ප්‍රනාන්දු