උතුරු නැගෙනහිරදි පොලිසිය හැසිරෙන අන්දම ගැන කතෝලික සභාව නිහඩද ?

0
155

පාස්කු ප්‍රහාරය මුලික කොට ගෙන පොලිසිය සහ CID ඒක හැසිරනෙ විදිය ගැන මේ දවස්වල කතෝලික සභා නායකයන් විසින් අවස්ථා ගණනාවදිම බරපතල විවේචන එල්ල කරල තිබෙනවා.
කාර්දිනල් හිමියන් වරක් කිව්ව් පොලිසිය අත්අඩංගුවට ගන්නේ ඇත්තම අයව නෙමේ වග‌ේ කථාවක් . සිරිල් ගාමිණි පියතුමන් විසින්ද අවස්ථා ගණනාවකදි කරපු බරපතල විවේචන වලදි පොලිසියේ සහ CID ඒකේ හැසිරිම ගැන කරුණු කිව්වා.
හැබැයි මේ පොලිසියම වගේ ම CID එකත් පහුගිය කාලේ උතුරේදි නැගෙනහිරදි කරපු මානව හිමිකම් කඩකිරිම් ගැන මේ කතෝලික නායකයන්ට මගඇරෙන්නේ අහම්බෙකින්ද ?
යුද්ධයෙන් පිඩාවට පත්වුන අම්මල අඩන පින්තුරයක් ෆේස් බුක් එකේ හරහා අනික් අයත් එක්ක බෙදාගත්තු කෝහිලදාසන් කියන වාලච්චේනේ සමාජ ක්‍රියාකාරිකයෙක් දැන් අවුරුද්දකුත් මාස දෙකක් තිස්සේ හිරගත කරල තියෙන තැනට වැඩ සිද්ද කරල තිබුනේ වාලච්චේනේ පොලිසිය.
මේ වගේ විශාල පිරිසක් උතුරෙත් නැගෙනහිරත් හිරගත කරල ඉන්නවා හරියට අර සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ සන්කිරිස්තියන්’ මුනි වගේ අය . මේ ගොඩක් සිදුවිම් වලදි ඇත්තටම කරපු ඒළියෙ . අසරණයො තමයි ඇතුලේ ..
කොහොම උනත් කාර්දිනල් උන්නාන්සේ පාලකයන්ගේ නිදහස් උළෙල වර්ජනය කරල නිරපරාධෙ CID ඒකේ තියන් ඉන්න මුනිව බලන්න ගිය ඒක නම් ඉතාමත් වැදගත් .
ලාංකාවේ මේ අවනඩු ගැන කතෝලික සභාවට තමයි වඩාත්ම දැනෙන විදියට ජාත්‍යන්තරය ගෙනියන්න පුලුවන්. පාප්තුමාවත් දැනුවත් කරල තියෙන්නේ පාප්වහන්සේත් අවශ්‍ය විදියට මැදිහත්වෙන්න සුදානමින් ඉන්නේ කියල පහුගිය දවසක සිරිල් ගාමිණි පියතුමත් කියල තිබුන
කතෝලික සභාව දැන්වත් උතුරු දකුණු කියල භේදයක් තියාගන්නේ නැතිව උතුරෙත් නැගෙනහිරත් දකුණෙත් පොලිසියෙන් CID ඒකෙන් හිරිහැරයට පත්වෙන්නේ දේව දරුවෝ කියල කල්පනා කරල වැඩකරන්න පටන් ගත්තොත් මේ පාලකයන්ට එරෙහිව දැනෙන ශක්තිමත් අරගලයක් මතුකරගන්න පුලුවන් වෙනවා .
ඒ්ක බෝලේ දැන් තියෙන්නේ දකුණේ කතෝලික සභාවේ පිට්ටනියේ ….