උතුරේ ධීවරයෝ අරගල භූමිය වෙනස් කරති.

0
285

ලංකා මුහුදේ මත්ස්‍ය සම්පත ඉන්දීය ධීවරයන් කොල්ල කෑම වලක්වන ලෙස ඉල්ලා යාපනය අර්ධද්වීපය පුරා දියත් වූ  ධීවර උද්ඝෝෂණ පොලිසියේ ඉල්ලීමටඅධිකරණයෙන් තහනම් කර තිබෙන බව ද ලීඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

පොලිසිය මගින් පේදුරුතුඩුව උසාවියට කරුණු දක්වා ඇත්තේ, කෝවිඩ් රෝගය පැතිර යාමත්, අධ්‍යාපන සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පෙනී සිටින අපේක්ෂකයන්ට බාධා වීමත් සැළකිල්ලට ගෙන මෙම ධීවර උද්ඝෝෂණ තහනම් කරන ලෙසයි.

ධීවර උද්ඝෝෂණ තහනම් කරමින් නියෝග පනවා ඇති පේදුරු තුඩුව අධිකරණය මහා මාර්ග හරස් කොට විරෝධතාවයේ සිටින ධීවරයන්ට විසිර යන ලෙස ද අණ කර තිබේ.

සීමා මායිම් පැන මෙරට මුහුදේ මසුන් කොල්ල කන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පැමිණීම නවත්වන ලෙසත්, ඒ සම්බන්ධව අදාළ බලධාරීන් විසින් ලිඛිතව සහතික කරන ලෙසත්, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා වල ගැටීමෙන් මිය ගිය වත්තිරායන් පදිංචිව සිටී ජෝශප් ප්‍රේම්කුමාර් සහ අරුන් කුමාර් තනියෛමාරන්  ධීවරයන් දෙදෙනා වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙසත් ඉල්ලා සිව් වැනි දිනටත් ඊයේ [03] සුප්පර්මඩම් ධීවරයන්ගේ උද්ඝෝෂණය පැවැත්විනි.

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මගින් හානි කරනු ලැබූ බෝට්ටු හා දැල් ආම්පන්න මගින් පට්ටිතුරෙයි – පොන්නාලෙයි  මාර්ගය හරස් කොට කඳවුරු බැඳ සිටින සුප්පර්මඩම් ධීවරයෝ සමඟ සාකච්ජා කිරීමට ධිවර ඇමැති ඩග්ලස් දේවානන්දා එහි පැමිණිය ද කිසිදු විසදුමක් නොමැතිව ඔහු පිටත්ව ගියේය.

මේ අතර උතුරේ ධීවරයෝ අරගල භුමිය වෙනස් කරමින් මුහුදු වෙරළේ සිය විරෝධතාවය ගෙන යන බව උතුරේ ආරංචි මාර්ග දක්වා සිටි.