උද්දච්චකමෙන් කොවිඩ් මර්දනය කරපු රටක් ලෝකයේ නොමැත !

0
106

රට මුහුණ දි ඇති දැවැන්ත කොරෝනා වසංගත තත්වය හමුවේ රජය දැනට ගෙන යමින් ඇති වැඩපිළිවෙල ගැන මේ වන විට රජයට ඒරෙහිව විවිධ ක්ෂේත්‍රවලින් දැවැන්ත විවේචනයන් මතුවෙමින් තිබේ.
හිටපු අගමැතිවරයා ඉතා පැහැදිලිව කියා සිටියේ සිදුව ඇති මරණ වල වගකීම කාර්ය සාධක බලකාය විසින් භාරගත යුතු බවය.
එමෙන්ම කාර්ය සාධක බලකාය අහෝසි කොට කොරෝනා පාලන වගකිම් පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට දිය යුතු බවද ඔහු කියා සිටියේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණද බරපතල විවේචනයක් මතු කර තිබේ.

උද්දච්චකමෙන් කොවිඩ් මර්දනය කරපු රටක් ලෝකයේ නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඒ් අනුව පවසා තිබේ.

මෙරට ඇති වූ කොවිඩ් රැල්ලෙන් රැල්ල ඒ සම්බන්ධයෙන් සිටින විශේෂඥයින්ව කොවිඩ් මර්ධන රාජකාරිවලින් ඉවත්කිරීමට ආණ්ඩුව කටයුතු කල බවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් චෝදනා කර ඇත.

කොවිඩ් රැළි 4ක් එනවිටත් ජනාධිපතිවරයාට ඉතිරිව ඇත්තේ හමුදාපතිවරයා සහ බුද්ධි ප්‍රධානියා පමණක් බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් විසින් මෙහිදි සදහන් කර තිබුණි.

ජනාධිපතිවරයා කාර්ය සාධක බලකාය මෙහෙයවන්නේ ඔවුන් දෙදෙනා ළඟ තබාගෙන බවත් අඩුව තරමේ සෞඛ්‍ය අමාත්‍යවරිය සහ කොවිඩ් රාජ්‍ය අමාත්‍යවරියගේ අදහස් වලටවත් සවන් දී උද්දච්චකම සහ මෝඩකම පසෙකලා සෞඛ්‍ය විශේෂඥයින් පවසන පරිදි අවම වශයෙන් සති දෙකකට හෝ රට වසාදමන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බව ඒ මහතා අවධාරණය කර ඇත.
මේ අතර ඊයේ දිනයේ මාධ්‍ය හමුවේ කොරෝන පාලන කටයුතු බාරව සිටින රාජ්‍ය ඇමතිවරිය කරන්නට යෙදුන ප්‍රකාශයන් තුලින්ද පැහැදිලි වන්නේ විෂය භාර ඇමතිවරයගේ අදහස් වලට පවා මේ හමුදා ලොක්කන් කන් නොදෙන තත්වයක් නිර්මාණය ඇති බවය.