උදාගම් සංකල්පය යුගයේ අවශ්‍යතාවට අනුව නවීකරණය විය යුතුයි !

0
377
උදාගමආර්.ප්‍රේමදාස මහතාගේ උදාගම් සංකල්පය යුගයේ අවශ්‍යතාවට අනුව නවීකරණය විය යුතුය. ආර්. ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස කටයුතු කල කාලයේ ආරම්භ කල විශේෂ ප්‍රදේශ තෝරාගෙන තනි නිවාස ඉදිකරමින් පවත්වාගෙන උදාගම් සංකල්පය දෙස විමර්ශනාත්මකව බැලිය යුතුව ඇත.
මෙම උදාගම් ඉදිකිරීම සදහා මේවන ජනතාව ජීවත් නොවන එහෙත් ඉතා හොදින් කෘෂිකාර්මික කටයුතු සදහා යොදා ගත හැකි ඉඩම් මෙන්ම ලදු කැලෑ පාවිච්චි කිරීමට සිදවනු ඇත.
ඒ සමගම මෙම ගම්මාන වල මූලික අවශ්‍යතාවයන් සැපයීමට යටිතල පහසුකම් අලුතින්ම ඇති කල යුතු වන්නේය. මේ තත්ත්වයන් මග හරවා වඩා පහසුවෙන් නිවාස ප්‍රශ්නයට විසදුමක් තට්ටු නිවාස ඉදිකිරීම මගින් ලබා දිය හැකි වනු අතර ඒ මගින් ඉතාමත් අඩු ඉඩම් ප්‍රමාණයක් තුල වැඩිපුර නිවාසද ලබා දිය හැකිය.
එසේම ජනතාවට ලෙහෙසියෙන්ම ලබාගත හැකි පහසුකම් ඇති නගර ආශ්‍රිතව තට්ටු නිවාස ඉදිකිරීම මගින් ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් පහසුවෙන් ඔවුන්ට ලබාදීමට හැකිය. තවදුරටත් ඈත ගමක කුඩා නිවසක සිරවීමට මිනිසුන්ට අවශ්‍යතාවයක් නැති බව අප වටහා ගත යුතුය. අද ජනතාවගේ අවශ්‍යතාවය වන්නේ රාත්‍රීය ගත කිරීමට හිසට වහලක් මිස දවසේ මුලු පැය විසිහතරම රැදී සිටීමට තනි නිවාසයක් නොවේ. එසේ රැදී සිටීමට මිනිසුන්ට කාල වේලාවක්ද නැත.
අරුණ ශාන්ත නෝනිස්