උප ඇමැති ලංසා පිල් මාරුවකට සැරසෙයි..

0
197

lanza

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම සිදුකෙරුණේ පසුගිය සදුදාය. මුල්ගල් තැබීමේ උත්සවය සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන සහභාගිවීමට නියමිතව තිබූ නමුත් එදින වජිරට එන්නට නොහැකි බව දන්වමින් නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා උත්සවය සදහා පැමිණ තිබිණි. ඇමැති එස්. බී නාවින්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මෙන්ම ඉබ්බාගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති එජාප හිරියාල සංවිධායක ජගත් යාපාද උත්සවයට සහභාගි වී සිටියහ. මන්ත්‍රී නලින් බණ්ඩාර මෙම උත්සවය සදහා අහම්ඛෙන් මෙන් සහභාගි වී සිටියේය. ඉබ්බාගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ අනෙක් සම සභාපතිවරයා වන හිරියාල ශ්‍රීලනිප සංවිධායක, වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික එහි සහභාගි වී නොසිටීම සැමගේ අවධානයට ලක් වී තිබිණි.මන්ත්‍රීවරයා උත්සවයට සහභාගි වී නොසිටි නමුත් අවස්ථා කිහිපයකදීම ඔහුගේ නම කියැවෙනු ඇසිණි. කෙසේ වෙතත් නාවින්න නලින් සහ ජගත් යාපා උත්සවය අවසන් වෙන්නට පෙර එතැනින් පිටත් වී යාම හේතුවෙන් අන්තිමට ආරාධිතයිගෙන් උත්සවයේ ඉතිරි වූයේ නිමල් ලංසා සහ මන්ත්‍රී අලවතුවල පමණි. උත්සවය අවසන්වීමෙන් පසුව සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහය දෙදෙනා භුක්ති වින්දේ රටේ තොටේ දේශපාලනය ගැන කතාකරමිනි. “අපි දැන් මෙහෙම ආණ්ඩුවේ හිටියා කියලා ආයෙත් වතාවක් නම් අපිට මේ පැත්තෙන් ඉල්ලලා ඡන්දෙන් දිනන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපිටත් ඉස්සරහට මොනවා හරි පැත්තක් තෝරගන්න වෙනවා. එක්කෝ අපිට ආපහු මහින්ද ලගට යන්න වෙනවා, නැත්නම් යූඇන්පියට එන්න වෙනවා. මගේ අදහස නම් තියෙන්නේ යූඇන්පියට එන්න” ලංසා අලවතුවලගේ කරට අතක් දාගෙන කියූ ආකාරය තේ පැන් සංග්‍රහයේ අසුන්ගෙන සිටි බොහෝදෙනෙකුට ඇසිණි. “ඉතිං මොනවද බල බලා ඉන්නේ එන්නකො මේ පැත්තට” ලංසාගේ පිල්මාරුවට උඩගෙඩි දෙමින් ජේ. සී ලංසාට පොහොර දැම්මේය. “බැසිල් තමයි මගේ ලොක්කා, බැසිල් එක්ක ඕන වෙලාවක මට යන්න පුලූවන්. ඒ ගියාට මිනිස්සු අපිට ඡන්දේ දෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපිටත් තියෙන්නේ යූඇන්පී එකේ පිහිට තමයි”.ලංසා කීය.

 

උපුටා ගැනීම – www.wayambatoday.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here