එ. ජා. ප. නාගරික මන්ත්‍රීනී කාංචනා මහත්මියගේ ප්‍රථම සමාජ සත්කාරය.

0
89

 Dalupotha 1dalupotha 2

(11.55 am ) පසුගිය  පළාත්පාලන  මැතිවරණයේදී  ජනතා  ඡන්දයෙන්  ජයගත් කාංචනා  මහත්මිය   එම  ජනතාව  වෙනුවෙන් කෘතගුණ  සැළකීමක්  ලෙස  පාසැල්  යන  දරුවන්  උදෙසා  පොත් සහ  පෑන්,පැන්සල්  බෙදාදීමක්  කරන  ලදී.  මේ  සඳහා  කිසිදු  පක්ෂ  භේදයක්, ආගම්  භේදයක් නැතිව  සියළු  දෙනාටම  මෙම  අවස්ථාව  ලබාදීමට  ඇය  විසින්  කටයුතු  කරන ලදී.dalupotha 3

දළුපත  විදුහලේදී    උත්සවාකාරයෙන්  සිදුකළ  මෙම  සමාජ සත්කාරය  සඳහා  දළුපත  කතෝලික  දේවස්ථානයේ  ….පියතුමා  ඇතුළු  මීගමු  පොලීසියේ  මූලස්ථාන  පොලිස්  පරීක්ෂක  උදයකුමාර   වුඩ්ලර්  මහතා,  උපපොලිස්  පරීක්ෂක  සහ  ප්‍රජාපොලිස්  ස්ථානාධිපති  දසනායක  මහතා,   ග්‍රාම නිලධාරී  සුදාරි  මහත්මිය, දළුපත  විදුහලේ විදුහල්පතිතුමා  වන මයිකල්  ප්‍රනාන්දු  මහතා,  පො. කො. තුෂාර මහතා, ප්‍රෙද්ශයේ සංවර්ධන  නිලධාරි  මහත්මිය  යන  ආරාධිත  අමුත්තන්  කිහිපදෙනෙකු  සහභාගිවිය.    විශාල ජන  පිරිසක්  පැමිණ  සිටි  මෙම  උත්සවයේ   කටයුතු  මෙහෙයවන  ලද්දේ  මාකස්  ප්‍රනාන්දු  මහතා  විසිනි.  මෙහිදී  කාංචනා  මහත්මිය  මෙම  කටයුත්ත  පිළිබඳව  පළකළේ  මෙවැනි  අදහසකි.

මට  අද  සතුටුදායක  දවසක්.  දරුවන්ට  ලබාදෙන  මේ  පරිත්‍යාගය  මගේ  පුද්ගලික  දෙයක්  නෙවෙයි. මේක  ඔබේ  අයිතියයි. ඔබ  විසින්  රජයට  ගෙවන  බදුමුදලින්  තමයි  මේ  ප්‍රතිපාදන  වෙන්වෙන්නෙ. ඒ නිසා  ඔබේම  මුදල්  තමයි  නැවත  ඔබට  ලබාදෙන්නෙ.

ඉන්  අනතුරුව  සභාව  ඇමතූ  මූලස්ථාන  පොලිස්  පරීක්ෂක  වුඩ්ලර්  මහතා  මේවනවිට  සමාජයේ  දරුවන්  නොමඟට  යොමුවන  ආකාරය  සහ  මත්කුඩු,  මත්පෙති  ආදියට  ඇබ්බැහිවී   විනාශයට  යොමුවීමේ  අනතුරක්  ඇති  බැවින්  ඒ පිළිබඳව  දෙමව්පියන්ට  අවධානයෙන්  සිටින  ලෙස  අවධාරණය  කරන ලදී.

ආරාධිත  අමුත්තන්ගේ  කථාවලින්  පසුව  පොත්බෙදාදීමේ  කටයුත්ත  ආරාධිත  අමුත්තන්  විසින්  සාර්ථකව සිදුකරමින්  සභාවේ  කටයුතු  අවසන්  කරන ලදී.