එංගලන්තයේ සිසුන් පිරිසක් දිග කලිසම එපා කියා සායවල් ඇද පාසලට පැමිනිලා..

0
394

එංගලන්තයේ එක්සර්ටර් ප්‍රදේශයේ ISCA ඇකඩමි නම් පාසලේ සිසුන් එම ප්‍ර දේශයේ පවතින අධික උෂ්ණ කාලගුණය හේතුවෙන් පාසල් නිලඇදුමේ දිග කලිසම වෙනුවට කොට කලිසමක් ඇදීමට පාසලෙන් අවසර ඉල්ලා තිබෙනවා. නමුත් කොට කලිසම පාසලේ අංගයක් නෙවාන බව පවසමින් පාසලේ ගුරුවරුන් විසින් කොට කලිසම් ඇදීමට සිසුන් හට අවසර ලබා දී නැහැ.

ඒ නිසා එයට විරෝධය පලකරමින් පාසලේ සිසුන් 30 දෙනෙකු පමණ සායවල් ඇදගෙන පාසල වෙත පැමිණ තිබෙනවා. එසේ සායවල් ඇදගෙන පාසල වෙත පැමිණි සිසුන් පවසන්නේ රස්නය නිසා දිග කලිසම් ඇදීම අපහසු බවයි.

මෙසේ සායවල් ඇදගෙන පැමිණීම සදහා තීරණය ගත්තේ කෙසේද යන්න පිලිබදව සිසුන්ගේන විමසූ අස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන ගුරුවරියගෙන් කොට කලිසම් ඇදීමට අවසර ඉල්ලූ අවස්ථවේදී ඇය විසින් සායවල් ඇද පැමිණෙන ලෙස පැවසූ නිසා මේ ආකාරයෙන් සායන් ඇදන් පැමිණීමට තීරණය කල බවයි.

index

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here