එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයෙන් සජිත් ඉවත් වුණේ ඇයි?

0
105

sajitht

නොවැම්බර් 4 වෙනිදා සවස පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයට 9 දෙනෙකුගෙන් සමන්විත් නායකත්ව මණ්ඩලයක් පත් කරගන්නා ලදී.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා මින් ඉදිරියට ජාතික නායකයා වශයෙන් හඳුන්වනු ලබන අතර නායකත්ව මණ්ඩලය විසින් පක්ෂයේ කටයුතු මෙහෙයවනු ලැබේ.

නායකත්ව මණ්ඩලයේ සභාපති ධුරයට කරු ජයසූරිය මහතා පත්ව ඇත. එයට සජිත් ප්‍රේමදාස මහතා සහ තලතා අතුකෝරළ මහත්මියද ඇතුළත් වේ.

මෙයට අමතරව පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා, මහ ලේකම් තිස්ස අත්තනායක සහ සන්නිවේදන ප්‍රධානී මංගල සමරවීර යන මහත්වරුන් නිල බලයෙන් නායකත්ව මණ්ඩලයට පත්වේ.

ලක්ෂ්මන් කිරිඇල්ල, රවි කරුණානායක සහ රුවන් විජේවර්ධන මහත්වරු නායකත්ව මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්ය.

කෙසේ වුවත් පුදන කොටම කාපි යකා කීවාක් මෙන් නායකත්ව මණ්ඩලයට තමා පත්වුවද ඒ පත්වීම තමා භාර නොගන්නා බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.

සජිත් ප්‍රේමදාස මහතා යනු ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ එකම පුත්‍ර රත්නය වෙයි. ඔහු නායකත්ව මණ්ඩලයෙන් ඉවත් වූයේ මන්ද කියා  පහත දැක්වෙන කතාව ඇසුරෙන් වටහා ගැනීමට පාඨකයාට පුළුවන් වනු ඇත.

ඔන්න එකෝමත් එක රටක එක්තරා පුංචි ළමයෙක් ජිවත්වුණා. එක දවසක් මේ ළමයා කෑම කන්න බැහැ කිව්වා. ඉතින් ළමයගේ දෙමව්පියෝ මේ ගැන හුඟක් කළබල වුණා. ඒ මොකද කිව්වොත් දැන් වගේ නෙමෙයි. ඒ කාලේ මිනිස්සුන්ගෙ උපරිම උත්සාහය වුණේ බල්ලෝ මරලා හරි සල්ලි හොයලා තමන්ගේ ළමයින්ගේ ජිවිත හොඳට සැපවත් කරන්නයි. තමන්ට කුඩා කාලේ නොලැබිච්ච හැම දෙයක්ම ළමයින්ට දීලා සතුටු වීම තමයි ඔවුන්ගේ එකම පරමාර්ථය වුණේ. තමන්ට පොඩි කාළේ පිහිනන්න බැරිවුණා නම් ළමයාව ස්විමිං ක්ලාස් යවනවා, ටෙනිස් ගහන්න බැරිවුණා නම් ටෙනිස් ප්‍රුක්ටිසස් යවනවා. ඒ වගේම පොඩි කාලේ හරි හමං කෑමක් ලැබුණේ නැත්නම් ඒ ඇරියස් එක යන්නත් එක්ක ළමයින්ට සුපර් මාකට්වල තියෙන කෑම ඔක්කොම ගෙනත් දෙනවා.

ඉතින් මේ ළමයා කෑම වර්ජනය කළාම දෙමව්පියන් කලබල වීම අහන්න දෙයක් නෙමෙයිනේ. ඉතින් දින කිහිපයක් බලලා ළමයගේ අම්මයි තාත්තයි චැනල් කරලා ළමයව ළමා මනෝ වෛද්‍යවරයෙකු ළඟට එක් කරගෙන ගියා.

කතන්දරේ අහපු මනෝ වෛද්‍යවරයා හිතුව මේක සිම්පල් කේස් එකක් කියලා. ඒ කරලා එයා දෙමව්පියන් දෙන්න ඉවතට යවලා ළමයා විතරක් සායනයේ තියාගත්තා. ඉන් පසු නොයෙක් ජාතියේ රසවත් කෑම ජාති ළමයා වෙත පිරිනමමින් ආහාර ගැනීම සඳහා ඔහු පෙළඹවීමට උත්සාහ කළා.

ඒත් පුදුමයක මහත! මේ ළමයා කිසිම දෙයක් කන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්නවා. දැන් නම් මනෝ වෛද්‍යවරයාගේ ඉවසීමේ සීමාව පනින්න ළං වුණා. අන්තිමේදී ඔහු මෙහෙම ඇහුවා.

“ඇත්තම කියන්න. මොනවද ඔයාට කන්න ඕනෑ කරන්නේ?” ළමයත් අත්දෙක පපුව ඉස්සරහා බැඳගෙන ටිකක් කල්පනා කරලා කිව්වා.

“මට පණුවෝ ඕන” කියලා.

දොස්තරත් පරාද වෙන්න කැමති වුණේ නැහැ. වහාම තමන්ගේ ලේකම්වරියට කතා කරලා කිව්වා වෙළෙඳ පොළට ගිහින් පණුවන් ටිකක් අරගෙන එන්න කියලා. ටික වෙලාවක් ගත වෙන කොට දොස්තර පණුවන් පිරුණු පිඟානක් ළමයාට පිළිගැන්නුවා. මෙන්න එතකොට ඒ ළමයා කියනවා,

“මට උන්ව බැඳලා ඕන” කියලා.

දොස්තර තම ලේකම්වරියට කිව්වා පණුවෝ පිඟාන රෙහ කරලා ගේන්න කියලා. ටික වෙලාවකින් දුම් දමන ෆ්රයිඩ් වර්මිස් පිඟානක් ළමයා ඉදිරියට පැමිණියා.

“මට ඕන එක පණුවයි” එතකොට ළමයා කිව්වා.

දොස්තර කලබල නැතිව එක පණුවෙකු ඉතුරු වෙද්දී අනිත් පණුවො ටික ඉවත් කළා. දැන් ඉතින් ළමයට තියෙන්නේ මේ එක පණුවා කන්නයි.

මෙන්න එතකොටම මේ යක්ෂ ළමයා කියනවා

“ඔයත් මේකෙන් බාගයක් කන්න ඕනෑ” කියලා. ටිකක් කල්පනා කළ දොස්තර පණුවා දෙකට කපලා බාගයක් අතට අරගෙන එය තම මුව තුළට දමා ගත්තා.

එතකොටම ළමයා අඬන්න පටන් ගත්තා. හොඳටම කෙන්ති ගිය දොස්තර ළමයාගෙන් ඇහුවා අඬන්නේ මොකද කියලා.
ඉකි බිඳුම් අතරින් ළමයා මෙසේ කෑගැසුවා.

“ ඔයා කෑවේ මගේ බාගෙ”∎

පූර්වාපර සන්ධි ගැලපීම

එකල ඒ ළමයාගේ නම  ‘සජිත්’ නම් විය.

www.samabima.com

“>sajitht

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here