එක්සත් ජාතින්ගෙන් පළිගන්න පකිස්ථානු සරණාගතයන් බූස්සට…?

0
157

පකිස්ථානය තුල ක්‍රියාත්මක ආගමික හිරිහැර හේතුවෙන් අහමදියා මුස්ලිම් බැතිමතුන් සහ කිතුණුවන් 1400 ක් පමණ දෙනා එක්සත් ජාතින්ගේ සරණාගත කොමිසමේ අවසරය මත මීගමුවේ රැදි සිටි.
එහෙත් පසුගිය ජුනි මස මුල සතියේ හදිසියේම සිදුකරන ලද වැටලිමකදි මීගමුවේ දළුපත වැල්ලිදිය සහ කුඩාපාඩුව යන ප්‍රදේශවලින් පාකිස්ථානු සරණාගතයන් 147 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන දැන් බූස්සේ රදවා තිබේ.
මේ ඇතමෙක් අත්ඩංගුවට ගෙන ඇත්තේ පාරේ යමින් සිටියදිය.
දිවිබෙරාගැනිමේ අරමුණෙන් ලංකාවට පැමිණ අපට මෙසේ සැලකිම අපට දරාගන්න බෑ. අපි ත්‍රස්තවාදින් නෙමේ   ලංකා රජයේ අවසරය සහ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ එකඟතාවය මතයි අපි ලංකාවේ ඉන්නේ.
ලංකා ආණ්ඩුව එක්සත් ජාතින්ගේ සංවිධානයත් එක්ක තියෙන ප්‍රශ්න නිසා එයාලට පාඩමක් උගන්වන්න අසරණ අපිව පාවිච්චි කරනව කියලයි අපි හිතන්නේ… යැයි අප හා පවසා සිටියේ මීගමුවේ වෙසෙන පාකිස්ථානු සරණාගතයෙකි.
ජිවත්විමට විවිධ අපහසුකම් මැද වෙනත් රටකට ආරක්ෂාව පතා පැමිණ සිටින ජනතාවකට ආරක්ෂාව සැපයිම ලොකයේ පිළිගත් මානව නිතියකි.
මීගමුවේදි ලංකා රජය මේ උල්ලංඝනය කරමින් සිටින්නේ ඒ ජාත්‍යන්තර නිතියයි.pk rfg1