එජාප ජනපති අපේක්ෂකයාගේ මීගමු රැළිය පාරට වැටුනේ ඇයි ?

0
87

IMG-20191112-WA0029එජාප තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ වසර 15ක පමණ පසුවය.ඒ අවසන් වරට 2005 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරය සදහා තරග කිරිමෙන් අනතුරුවය.එවර රනිල් වික්‍රමසිංහ පරදින්නේ මහින්ද රාජපක්ෂ එල්.ටී.ටී.ඊ.සංවිධානයට මුදල් ලබා දි ඡන්දය වර්ජනය කිරිම සදහා ඇතිකරගෙන තිබුන ගිවිසුමක් හේතුකොටගෙනය.එය එසේ නොවු නම් ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස්ම එකක් වනු ඇත.කෙසේ වෙතත් ඉන් අනතුරුව එජාපයට තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ගැනිමට නොහැකි වු අතර 2010 සරත් පොන්සේකා ද 2015දි මෛත්‍රීපාල සිරිසේන ද පොදු අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් විය.මේ අය වෙනුවෙන් මීගමුවේ පැවැති රැස්විම් පැවැත්වුයේ පිට්ටනිවලය.2010දි කඩොල්කැලේදිත්,2015දි ලෙයිටන් පිටියේත් මෙම රැළි පැවැත්විණි.තතු එසේව තිබියදි එජාපය තමන්ගේම අපේක්ෂකයෙකු වෙනුවෙන් මීගමුවේ පැවැත්වෙන පළමු රැළිය සදහා තෝරාගෙන තිබුනේ අඩි 30ක පාරකි.IMG-20191111-WA0142මෙයට පැහැදිලිම හේතුව නම් සෙනග ගෙනඒමේ දක්ෂ සංවිධායකයෙකු නොවන කාවින්ද ජාමේ බේරාගැනිම සදහා යෙදු උප්පර වැට්ටියක් මිස අන්කිසිවක් නොවේ.මෙහි අමු විහිළුව වන්නේ ලංසාලා පිට්ටනි නොදුන් නිසා අන්තිමේදි පාර ගන්නට සිදුවුවා යැයි කියන පට්ටපල් බොරුවය.සැබැවින්ම කාවින්ද හා ලංසාලා අතර ඇති අතිජාති මිතුදමට අනුව ක්‍රිඩාංගනයක් නොලැබුනේ යැයි කියන්නේ නම් එය අමූලික බොරුවකි.මේ අනුව ලංසාලා ගෝඨාව ⁣බාල්දිකොටුවට ගෙන්වද්දි කාවින්ද සජිත්ව ගෙන්වන්නේ අඩි 30හේ පාරකටය.රැස්විමට පැමිණි බහුතරයක් කියා තිබුනේ රොයිස් විජිත සිටියේ නම් දැවැන්තම රැ්ළියක් සජිත් වෙනුවෙන් සංවිධානය කරන බවය.