එජාප නාගරික මන්ත්‍රි නිව්මන්ව ලෙඩ කළේ නිමල් ලංසාද ?

0
70

newmon 2newමීගමුව මහනගර සභාව සදහා නගරාධිපති තේරිමේ තරගයේදි එජාප මන්ත්‍රි කණ්ඩායමේ 19 දෙනාගෙන් ඒක අයෙකු අද පැමිණ සිටියේ නැත.
ඒ මුන්නක්කරය  ජයග්‍රහණය කළ නිව්මන් ප්‍රනාන්දු නැමැත්තාය.
ඊයේ එජාප මන්ත්‍රි කණ්ඩායම රැස්විමට සහභාගිව සිටි ඔහු අද උදේ හදිස්සියේම ලෙඩවිම හේතුවෙන් යැයි කියා කොළඹ රෝහලකට ඇතුලත්ව තිබේ.
ඒ පරික්ෂණයක් කරගැනිම සදහා යැයිද කියැවේ .
නිව්මන් මෙසේ අසනිපවිමට නිමල් ලංසාද හේතුවක් විය හැකි බවත් කෙසේ වෙතත් එය කිසියම් වාසනාවන්න ලෙඩක් විය හැකි බවත් ඉන් පාඩුවක් නොව වාසියක්ම වන බවත් මේ ගැන කථා බහ කරන එජාප පාක්ෂිකයෝම කියා සිටිති