(12.45pm )එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල නායකයන්ගේ රැස්වීමක් අද (19) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ වනවිට ජනාධිපතිවරණයට ප්‍රකාශයට පත්කර ඇති බැවින් එජාපය ප්රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතය.
ජනාධිපති අපේක්ෂකයා ඉදිරි සතිය තුළදී ප්‍රකාශයට පත් කරන බව එජාප මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.මේ අතර කථානායක කරු ජයසුරිය මහතා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරිම සදහා ජනපති අපේක්ෂකත්වය සදහා පක්ෂයේ එකඟතාව මත කටයුතු කිරිමට ඇති කැමත්ත දැනටමත් ප්‍රකාශ කොට තිබේ.