එජාපේ සජිත්ලා මීගමුවේ ගෝඩ් පාදර්ගේ ඔඩොක්කුවේ ?

0
44

මීගමුවේ එජාප නගාරික මන්ත්‍රි සජිත් මෝගන් සිටින්නේ මීගමුවේ ගෝඩ් පාදර්ගේ ඔඩොක්කුවේ යැයි බරපතල චෝදනාවක් දැන් කලක පටන් එල්ල වෙමින් තිබේ.
පසුගිය 19 වනදා සෞඛ්‍ය කාරක සභාවේ සභාපති තෝරාගැනිම සදහා එය නියෝජනය කරනු ලබන මන්ත්‍රින් 6 දෙනා අතර පැවැති ඡන්දයේදි දයාන් ලංසා මන්ත්‍රිවරයාට එහි සභාපතිත්වය ලබාදිමට ඉඩ කඩ සැලසෙන අයුරින් සජිත් මෝගන් මන්ත්‍රිවරයා කටයුතු කර ඇතැයිද වාර්ථා වේ.
එදින සෞඛ්‍ය කාරක සභා රැස්විම හිතමතාම මගහැර ඇති සජිත් මෝගන් මන්ත්‍රිවරයා මීගමුවේ එජාප ආසන සංවිධාකවරයාගේ ඉල්ලිම පවා ප්‍රතික්ෂේප කර ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙස දැනගන්නට ලැබි ඇත.roies with Sajith mogan
මේ අතර අද දිනයේ ( 2016 ජනවාරි 25 ) පැවැති මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විම අවසානයේදි ඇමති නිමල් ලංසා අමතා ව්‍යපාරික කටයුත්තක් ගැන කථාකරගැනිමට ඇමතිවරයාව ඉක්මනින් හමුවිමට අවශ්‍ය බව පවසා ඇති බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් දෙමළ ජනයාගේ මනාප ඡන්දයෙන් එජාප මනාප ලයිස්තුවේ දෙවන තැනට පැමිණි සජිත් මෝගන් මන්ත්‍රිවරයාව එහෙම පිටින්ම පාලනය කරනු ලබන්නේ මීගමුවේ ගෝඩ් පාදර්ලා යැයි කියන චෝදනාවෙන් ඔහුට දැන් කිසිවිටකත් ගැලවිමට නොහැක.
තම ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් පක්ෂයේ ඉල්ලිම් පවා ප්‍රතික්ෂේප කරමින් ගෝඩ් ෆාදර්ලාගේ උවමනාවෙන් පමණක් ඔහු පෙනි යන්නේ යැයි බරපතල චෝදනාවක් මේ වන විට ඔහු නියෝජනය කරන ප්‍රදේශයේ එජාප ක්‍රියාකරින්ගෙන්ම එල්ලව ඇතැයි කියැවේ .