පසුගිය යහපාලන රජය විසින් පාසැල් දරුවන් සඳහා ලබාදිමට සැලැසුම් සකස් කර තිබියදි එවකට විපක්ෂයට දරුවන්ට ටැබ් ලබාදෙන්නට ඉඩ දුන්නේ නැත. එදා මේ දරුවන්ට ටැබ් ලබාදෙන්නට ඉඩදුන්නා නම් මේ කොරෝනා වසංගත සමය තුල දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපනය හදාරන්න ඉතා පහසුවෙනවා.
එහෙත් විපක්ෂය එදා විරුද්ධ වුනා.
මෙම අදහස් ඊයේ මිගමුවේදි පැවැති මාධ්‍ය හමුවකදි අවධාරණය කර සිටියේ ගම්පහ දිස්ත්‍රික් හිටපු එජාප පළාත් සභා මන්ත්‍රි කිත්සිරි මංචනායක මහතා විසිනි.