ඒකාබද්ධයේ ප්‍රසන්න රණවීර 22 දක්වා රිමාන්ඩ්.

0
109

 

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැලණිය ප්‍රදේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරගකල අපේක්ෂකයෙකුට පහර දීමට චෝදනා ලැබ සිටින ඒකාබද්ධ විපක්ෂ සාමාජික පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර එළඹෙන 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය (20) කලේය.

පසුගිය 28 වනද රාත්‍රීයේ ප්‍රසන්න රණවීර හා තවත් පුද්ගලයෙකු විසින් ජගත් ප්‍රසන්න ගමගේ නැමැති පුද්ගලයාට පහර දී අත්තේ කිරිබත්ගොඩ විහාරමහදේවී බාලිකා විද්‍යාලය අසන්නයේ ඇති නිවසක පැවැති උපන්දින සාදයක් අතරතුරදීය. පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වන විටත් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව පොලීසිය විසින් අධිකරණයට දැනුම්දී ඇත.