ඒටීඑම් මැෂින් වලින් සල්ලි කොල්ලකන අමුතු කල්ලියක්

0
248

ATM-cash-point

බැංකු නිළධාරීන් ලෙස පෙනි සිටිමින් ඒ ටී එම් යන්ත්‍ර මගින් මුදල් වංචාකරන කල්ලියක් පිළිබඳ නාඋල රාජ්‍ය බැංකුවක් මහජනතාව දැනුවත් කරයි.

බැංකු පරිශ්‍රයේ ඇති දැන්වීම් පුවරු මගින් සඳහන් කර ඇත්තේ බැංකු නිළධාරීන් යැයි සඳහන් කරමින් ටයි පටි පැළද මුදල් ලබා ගැනීමට උදව් කරන මුවාවෙන් මොවුන් මුදල් සොරකම් කරන බවට තොරතුරු ලැබී ඇත බවයි.

ඒ ටී එම් යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමට නොහැකි පිරිස් බොහෝ අවස්ථාවල දී බැංකු ආරක්ෂක අංශයේ හෝ නිළධාරීන්ගේ සහාය අපේක්ෂා කරති.
මෙම තත්ත්වය අවබෝධ කරගත් කිසියම් පිරිසක් සංවිධානාත්මකව මුදල් වංචා කරන බවට බැංකු කළමණාකාරිත්වයට තොරතුරු අනාවරණය වී තිබේ.

බැංකුවල පවතින ඒ ටී එම් යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමට උපකාර කරන මුවාවෙන් ක්‍රියාත්මක මෙම කල්ලිය ඉතා සුක්ෂම ලෙස ඒ ටි එම් කාඞ්පතේ රහස් අංකය ලබාගනිමින් ගිණුම් හිමිකරුට නොදැනෙන ලෙස මුදල් වංචා කරන බවට තොරතුරු වාර්තා වී තිබේ.

 

උපුටාගැනීම – http://www.lankadeepa.lk